
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මාර්ග අධිකාරිය යටතේ ලියාපදිංචි වී ඇති සමහර වාහන අපරාධවලට යොදාගෙන ඇති බවට ද හඳුනාගෙන ඇතැයි විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා පැවසීය.
මේ වාහන තියෙන්නේ කොහේදැයි නිශ්චිතව හඳුනා ගත්තේ දැයි විගණකාධිපතිවරයා විමසා සිටියේය.
සමහර වාහන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇතත් ඒවා එම අධිකාරියේ නැතැයි පැවසූ විගණකාධිපතිවරයා ආයතනයේ වාහන කොටසක් වෙනත් පුද්ගලයන්ගේ නම් වලට ලියාපදිංචි කර ඇතැයිද ප්‍රකාශ කළේය.
වාහන සම්බන්ධයෙන් මේ ආයතනයේ පාලනයක් තිබී නැති බවත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමටද උනන්දු වී නැති බවත් වික්‍රමරත්න මහතා පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(18) රැස්වූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
526
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන 658ක් ආගිය අතක් නෑ
Perera Thursday, 20 June 2024 08:25 AM
අනේ ඉතින් ඔය වාහන ඕවයේ ලොකු ලොකු මැති ඇමතිලා එහෙම අඳුනන නැති බැරි අය ගාව ඔය වාහන ඇති.ඕවා හොයන්න වද වෙන්න එපා.
සෙනෙවිරත්න Thursday, 20 June 2024 08:42 AM
දත් හැලිච්ච සිංහය තමයි , ඒත් දැන් ඒ සිංහයා හොර දෙටුවෙක් උනහම. ? වෙන දෙයක් නැහැ
සෙනෙවිරත්න Thursday, 20 June 2024 08:50 AM
ඕකෙ වාඩිවෙලා ඉන්න උන්දැම දන්නව වෙච්ච දේ. ඕවා රැගෙන යනවා නම් රැගෙන යන්නෙ ඔය මැති ඇමති උන්දැලත් උන් පත්කරපු අධ්‍යක්ෂක මණ්ඩල සභාපති, ක්‍රියාකාරි අධ්‍යක්ෂකල තමයි. සාමාන්‍ය සේවකයො නෙවෙයි. මෙතන හොරාගෙ අම්මගෙන් පේන බලනව . ඔය ගැන කවදාවත් පරීක්ෂණ වෙන්නෙ නැහැ. එවන් රජයක් ඉදිරියේදිවත් පත්කරගමු. තවත් මේවට ඉඩදීල ගෙදර ළමයි බඩගින්නෙ තියන්න ලෑස්ති වෙන්න එපා. බලමු මේකට අන්ලයික් දාන කටු ලෙවකන අය කීදෙනෙක් ඉන්නවද කියල,
Lalla Thursday, 20 June 2024 09:24 AM
නිසැකවම තැන් තැන්වල වැඩබිම්වල අතහැර දාල ගිය ඒව. දිරල පස් වෙලා හෝ හොරු කෑලිවලට ගලවල විකුණාගෙන. ඕවට ඇතුළත සහය අපමණයි....
sam Thursday, 20 June 2024 09:38 AM
කොහොමද ජරාපක්ෂ ජුන්ටාවේ දක්ෂකම්
Ruwan De Silva Thursday, 20 June 2024 03:43 PM
තෙවරප්පෙරුම මහත්තයාගේ අවුරුදු 30-40 පරණ වාහනේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට ආවේ එකට පළාත්සභා මන්ත්‍රීලාට වාහන 2ත් මදි ලු. ඉතිං අයිඑම්එෆ‍් ණය වුණත් මොනවා වෙනවා ද කියලා අපිට විශ්වාස නෑ