IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වාහන හොරාට කතගේ උප්පරවැට්ටියෙන් බේරෙන්න බැරි වේ

(කේ. බුද්ධික කුමාරසිරි)

කුලී පදනම මත වාහන ලබා ගන්නා සහ වාහන කුලියට දෙන ආයතනයක් පවත්වාගෙන යමින් ගැණුම්කරුවන් ට රුපියල් කෝටි 50 ආසන්න මුදලක් ලබා නොදී පලා ගොස් සිටි බව කියන හෝමාගම ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයක හිමිකරුවකු හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ දී ඊයේ (31) අත් අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

සැකකරු හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියේ සිටියදී ඔහුගේ වංචාවට අසු වූ කාන්තාවක් ඔහුව දැක ඇත.

පසුව උපාය ශීලීව ඔහු සමග කතාබහකට වැටී සිටින අතර තුර වංචාවට හසු වූ තවත් පිරිසකට මෙම පණිවිඩයක් ලබා දී ඔවුන්ද පැමිණි පසු සැකකරු පළා යා නොදී ඒ සම්බන්ධයෙන් පොලිසියට දැනුවත් ඇත. අනතුරුව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පදලංගල කුට්ටිගල ජයන්ති මාපියපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා ගන්නා සහ එසේ ලබා ගත් වාහන කුලී පදනම මත ලබා දෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇත. එසේ ලබාගත් වාහනවලට අදාල වාහන හිමිකරුවන් ට මාසික කුලී මුදල් ලබා දී ඇති අතර පසුගිය මැයි එම කාර්යාලය ද වසාදමා දුරකතන අංකද ක්‍රියා විරහිත කර ඇත.මොහුගේ මුදල් වංචාවට ලක් වූ පුද්ගලයෙන් 400 ආසනණ පිරිසක් පැමිණිලි කර තිබූ බව පොලිසිය පවසයි.

 



අදහස් (1)

වාහන හොරාට කතගේ උප්පරවැට්ටියෙන් බේරෙන්න බැරි වේ

pakeer Tuesday, 01 August 2023 01:51 AM

මේවා නම් වාහන දෙන අයගේ මෝඩකම් සහ ... තියෙන නිකන් ඉඳන් සල්ලි හොයන ක්‍රම නිසා වෙන මෝඩ දේවල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site