IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වාහන මිල’’ චුට්ටක්’’ වැඩි වෙයි

(අංජුල මහික වීරරත්න)

පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහන වල මිල" චුට්ටක්" වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා කීය.

හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්සියේ විකුණන බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරිණි.අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර නැවත ශ්‍රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි.



අදහස් (9)

වාහන මිල’’ චුට්ටක්’’ වැඩි වෙයි

යෝගා Monday, 27 January 2025 09:20 AM

පෝර්ට්සිටියට අවශ්‍ය කලුගල් ප්‍රමාණය කිව්ව වගේ චුට්ටන් බොරුවක් නේද.

:       20       83

රම්බොඩ Monday, 27 January 2025 10:13 AM

ඔව් චුට්ටම චුට්ටයි. 600% බදු ගැහුවම ඔය චුට්ට වැඩි වෙනවා. මේවා බොරුවටම උපන් කටවල්. කිව්වොත් කියන්නෙත් බොරුමයි.

:       13       43

අකිල Monday, 27 January 2025 10:29 AM

අඩුවට වාහන ගෙන්වන්න බැරිලු ලිසින් කාරයොයි ,පැරණ වාහන සෙල් කරයෝන්ගෙයි ව්‍යාපාර කඩා වැටෙනවලු එහෙම උනොත් , හොඳ වෙලාවට අනුර යුද්දේ කාලේ ජනාදිපති උනේ නැත්තේ , ඒ කාලේ හිටියනං කියයි යුද්දේ ඉවර කරන්න බැහැ මල්ශාලා කාරයොන්ගේ ව්‍යාපාර කඩාවැටෙන හින්ද කියල

:       10       63

සුරෙන් Monday, 27 January 2025 11:52 AM

පන්සිල් පද 5 දන්නේවත් නැති, එය පිළිගන්නෙත් නැති කෙනෙක්ට බොරු කිම වරදක්, පවක් කියලා දැනෙන්නේ නැහැ නෙමෙයි... ඒක ජීවිතේ සාමාන්‍ය දෙයක්...

:       3       15

prabash Monday, 27 January 2025 11:59 AM

විකාර නැතිව ටැක්ස් ෆ්‍රී කරලා විද්‍යුත් වාහන ගේන්න අවසර දෙන්න..ඒකෙන් ලංකාවට ලොකු මුදලක් ඉතිරි වේවි.. තෙල් ආනයනය කරන්න යන මුදල්...

:       1       12

fairoos Monday, 27 January 2025 02:51 PM

චුට්ටා 600% නේද? ගෙන්නන්න ඕනෑ නැහැ..

:       2       16

Janitha Monday, 27 January 2025 03:21 PM

ලක්ෂ 5ට සැප වාහනයක් ගන්න සිහින මැව්වා. මෝඩ ජෙබයියෝ ආයෙත් පාරක් රැවටුණා..

:       5       15

SAM Monday, 27 January 2025 08:40 PM

මේ අදහස වෙන රජයක නායකයෙකු කිව්වානම් JVP ඒ කෙනාව පතුරැ ගහනවා .හැම රජයකම හොද සහ නරක තියෙනවා. මේ රජයෙත් එසේමයි සැම රජයක්ම ලංකාවෙ බලයට එන්නේ බොරැ කියලා. ඒක JVP එකටත් පොදුයි .අපේ බහුතරයක් මිනිස්සු රැවටෙනවා. ඒක නිසා අවංකව දේශපාලනය කරන්නෙ සීමීත මිනිසුන් ප්‍රමානයක්

:       0       2

Mazaheem A Salaam Tuesday, 28 January 2025 10:58 PM

එහෙම කිව්වම පොඩි ගානක් ගන්න ගියාම දෙගුණයක් එනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site