IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන පැති කණ්නාඩි ගැලවු දෙදෙනකු අත්අඩංගුවට

(කේ බුද්ධික කුමාරසිරි  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ  )
 
කුලියට ලබා ගත් මෝටර් රථයකින් ගොස් ’‘වැගන් ආර් ‘ වර්ගයේ මෝටර් රථ 41 ක පැති කණ්නාඩි සොරෙන් ගලවා විකුණූ බව කියන තරුණයින් තිදෙනෙකු සහ සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (06) සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
අතුරුගිරිය ප‍්‍රදේශයේ නිවසකට සොරෙන් ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදු කළ  විමර්ශනයේදී සැකපිට අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකුගෙන් ලද තොරතුරු මත මෙම සොරකම් අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු විසින් රුපියල්  හැටදහසක මාසික කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් භාවිතා කරමින් තවත් තරුණයින් දෙදෙනෙකු යොදා ගනිමින් වාහන අලෙවිසල් ඇතුළු නවතා දමා තිබෙන ’‘වැගන් ආර්’’ වර්ගයේ මෝටර් රථ පමණක් තෝරා ගනිමින් එම රථවල සවිකර ඇති රුපියල් එක්ලක්ෂ විසි දහසක් පමණ වන පැති කණ්ණාඩි සොරෙන් ගලවා රුපියල් හතලිස් පන්දහසකට විකුණා ඇති බව අනාවරණය වූ බවද පොලිසිය පවසයි
 
සොරකම් කිරීම් සම්බන්ධව අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන්  තිදෙනා  මීගහවත්ත කඩවත අතුරුගිරිය, කොට්ටාව, මිරිහාන ආදී පොලිස් වසම්වල නිවාස කිහිපයක්ද බිඳ ලැප්ටොප්, මැනික් රන්  භාණ්ඩ,  කැමරා ආදියද සොරා ගෙන විකුණා තිබියදී සොයා ගත් බවත් සොරකම් කිරීම් සදහා යාමට යොදා ගත් කුලී මෝටර් රථයද අත් අඩංගුවට ගත් ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි
 
මෙසේ සොරකම් කරනු ලබන ’‘වැගන් ආර්‘‘ වර්ගයේ මෝටර් රථවල පැති කන්නාඩි නුගේගොඩ විජේරාම ප‍්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවියේ නිරත පුද්ගලයෙකුට විකුණා ඇති බවත් එම සොර බඩු මිලට ගැනීම සම්බන්ධයෙන් එම වෙළඳසලේ හිමිකරුවද සැකපිට අත් අඩංගුවට ගත් බවත් සොරා ගත් රන් භාණ්ඩ මිලදී ගත් හෝමාගම ප‍්‍රදේශයේ රණ් භාණ්ඩ  අලෙවිසලක කලමණාකරුවෙකුවද අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක්වන එක් දරු පියෙක් වන බවද අනෙක් දෙදෙනා අතුරුගිරිය හෝකන්දර ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 සහ 23 පුද්ගලයින් බවද පොලිසිය පවසයි

 



අදහස් (0)

වාහන පැති කණ්නාඩි ගැලවු දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31935 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14391 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11211 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 13 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 267 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1216 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site