(අංජුල මහික වීරරත්න)
වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැතැයි කී ජනාධිපතිවරයා මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙන්නේ යැයිද මොටර් රථ ආනයනයනය වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙන බව පැවසීය.
නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වෙන බව කී ජනාධිපතිවරයා මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අප අවසර දී තිබෙන බවද සඳහන් කළේය.
කොළඹ තරුණ හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන ගෙන්වන කාලය ගැන ජනපති කියයි
Perera Thursday, 14 March 2024 09:12 AM
අත්‍යාවශ්‍ය වාහන කියන්නේ V8, මොන්ටේරෝ, ප්‍රාඩෝ වගේ ඒවද?
සමන්ත සිල්වා Thursday, 14 March 2024 10:59 AM
ඔයා කොහොමත් තව මාස 7න් දොට්ට මහත්තයෝ... දවල් හීන දකිනවාද? තවමත් දැන්ම රෙදි ටික මැදගෙන බෙඩ් ෂීට් අකුලන් සූට් කේස් ලෑස්ති කරන් ඉන්නා තව ලබන අවුරුද්දේ ප්ලෑන් එකක් ගැනත් බයිලා ගහනවා... වාහන ගෙන්වන එක, නොගෙන්වන එක අලුත් ආණ්ඩුවෙන් තීරණය කරයි ඔයා කලබල නොවී ඉන්න...
සෙනෙවිරත්න Thursday, 14 March 2024 12:01 PM
මේ කියල තියෙන්නෙ යූ ඇන්පී වරිග සභාවකදි, හෝටලවට තරුණ සමුලු තියන්න තරම් පොහොසත් තරුණ කන්ඩායම් මේ රටේ සාමාන්‍ය ජනතාව අතර නැහැ. ඕක වෙනකොට එයා බලයෙ නැහැ.
සරත් කුමාර Friday, 15 March 2024 12:10 AM
මේ රටේ පාලකයෝ පෙට්ටියේ පණ ඇද ඇදත් කියයි.. අපි හොඳ රටක් හදනවා කියලා. අපරාදේ කියන්න බෑ.. "ඔන්න ඔහෙ තව පාරක් දීලා බලමු" කියන සෙට් එකක් එදාටත් ඉඳියි.. මෝඩ රොත්තක් එක්ක වලක වැටිල ඉන්න වේලාවක, මොලේ තියෙන එකෙක්ට දෙන්නෙක්ටවත් ගොඩයන එක ලේසි නෑ..