IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහන අමතර කොටස් මිල සියයට 300 කින් ඉහළට

(යොහාන් භාසුර)

වාහන අමතර කොටස් මිල සියයට 300 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යෑම හේතුවෙන් වාහන හිමියන් සහ වාහන අලුත්වැඩියා කරන පුද්ගලයන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.

කොළඹ පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවන් පවසන්නේ අමතර කොටස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට බැංකුවට නොහැකි වීම හේතුවෙන් දැඩි හිඟයක් පවතින බවත් සහ ඩොලරය අවප්‍රමාණය වීම නිසා ආනයන කරන අමතර කොටස් මිල ද කීපගුණයකින් ඉහළ ගොස් ඇති බවත්ය.

ජපානයේ නිෂ්පාදිත නමගිය වාහන නාමයන්වල නව වාහනවල අමතර කොටස්වල ද විශාල හිඟයක් ඇති බව කියන පංචිකාවන්ත වාහන අමතර කොටස් අළෙවිකරුවෝ අදාල සමාගම් ආනයනය කරන අමතර කොටස් පිටතට නිකුත් නොකිරීම හේතුවෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කළහ.

මීට මාස හයකට පමණ පෙර රුපියල් 12,000 ත් 15,000 ත් අතර මිලක පැවැති එන්ජින් මවුන්ට් එකක් මේ වන විට රුපියල් 45,000 ත් 50,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාහනයකට එන්ජින් මවුන්ට් තුනක් හෝ හතරක් ඇති බවත් අමතරක කොටස් අළෙවිකරුවෝ පවසති.

යුරෝපා රටවල්වල වාහනවල අමතර කොටස්වල එතරම් හිඟයක් නොමැති වුවද බහුලව භාවිතා කරන ජපන් නව සහ පැරණි වාහනවල අමතර කොටස්වල දැඩි හිඟයක් මෙන්ම විශාල මිල ඉහළ යෑමක් දැකිය හැකි බවත් ඔවුහූ වැඩි දුරටත් සඳහන් කරති.  



අදහස් (7)

වාහන අමතර කොටස් මිල සියයට 300 කින් ඉහළට

ජගත් ලියනගේ Thursday, 23 February 2023 03:23 PM

ලංකාවේ හිඟ නැති එකම භාණ්ඩය දේශපාලකයන්ගෙ කයිවාරුව විතරයි .

:       2       44

Lalla Thursday, 23 February 2023 04:53 PM

හොරකම්, දූෂණය, නිකමුන්, පින්පඩි කාරයින්... ඕනෑතරම්..

:       1       21

de silva Thursday, 23 February 2023 03:38 PM

අලුත් වාහන ගෙන්වන්න දෙන්නෙ නැතිනම් , පරන ඒ්ව හදාගෙන දුවන්න අමතර කොටස් ගෙන්වන්න ඉඩ දෙන්න.

:       0       42

PereraThursday, 23 February 2023 10:50 PM

නැහැ... මහ ආණ්ඩුවේ මේ මිනිස්සුන්ව උනන්දු කරන්නේ සයිකල්, කරත්ත, බක්කි කරත්ත වලින් ගමන් බිමන් ප්‍රවාහන කටයුතු කරගන්න.

:       0       0

fairoos Thursday, 23 February 2023 06:50 PM

රනිල් රාජපක්ෂලා එකතුවෙලා රටට කරපු විනාශය තමයි...!

:       3       12

Rohana Friday, 24 February 2023 08:29 AM

රටට අවශ්‍ය විදේශ විනිමය බින්දුවටම බැස්සෙව්වෙ කබ්රාල් සමග රාජපක්ෂලා එකතුවෙලා. දැන් ඉතින් මේක යථාතත්වයට ගේන්න කෙටිකාලීන හා දිගු කාලීන වැඩපිලිවෙලක් අවශ්‍යයි. එතකම් මේ ආනයන භාණ්ඩ හිගයට මුහුණ දෙන්න වෙනවා.

:       0       0

S.A.Akalanka Friday, 24 February 2023 04:00 PM

මොන බොරුද මේ කියන්නෙ NSK ස්න්නාහ නාමය දරන බෙයාරින් මිල ආනයන කරන සමාගම මිල පහුගිය සතියෙ මිල 30%න් අඩු කරා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site