IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වාහනයේ ගැටුණු තරුණයාගේ සිරුර මේෆීල් හන්දියෙන්න හමු වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

හැටන්- නුවරඑළිය මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල වැටී තිබු පුද්ගල මළසිරරුක් අද (12)  සොයාගත් බව දිඹුලපතන පොලීසිය පවසයි. 

මෙසේ මිය ගොස් ඇත්තේ බලංගොඩ, මොරහැල, මැදගමමැද්ද ප්‍රදේශයේ පදිංචි නදීර සම්පත් (27) නැමැති තරුණයෙකුගේ බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

පොලීසිය  සොයා ගන්නාවිට සිරුරේ භාහිර තුවාල තිබු බවත්, මෙම පුද්ගලයා  රිය අනතුරකට ලක්වන අයුරු ඒ අසල සවි කොට තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති බවට පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. 

මෙම පුද්ගලයා තලවකැලේ ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳසැලක සේවය කරනු ලබන අයෙකු බවද අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කරන ලබන ස්ථානීය පරික්ෂණයෙන් පසුව අධිකරණ මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය කටයුතු යොදා තිබිණි. 

මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු  කරනු ලබයි.

.



අදහස් (0)

වාහනයේ ගැටුණු තරුණයාගේ සිරුර මේෆීල් හන්දියෙන්න හමු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site