IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි

(කුෂාන් ජයවර්ධන)

කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

මෙම පාන්පිට මිනිස් පරිභෝජනයට නුදුසුදු බවත් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානමින් තිබු බවට තොරතුරු ලැබුණු බවද එම කාර්යාලය කියයි.

ඉතා විශාල ගබඩවක එම පාන්පිටි තොගය ගබඩා කර තිබූ අතර එහි කිලෝ 25 සහ 50 තරමේ පාන් පිටි ගෝනි 10,000කට අධික ප්‍රමාණයක් තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරීහු පැවැසූහ.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදු කළ ක්ෂණික වැටලීමකදී මෙම පාන් පිටි තොගය සොයා ගැනීමට හැකිව තිබිණ.

අපනයනය සදහා ගම්මිරිස් වියළා සකසනු ලබන මහපරිමාන මෝලක එම පාන් පිටි තොගය ගබඩා කර තිබි ඇත.

එම පාන් පිටි තොගය කල් ඉකුත් වීමට ආසන්න වන අතර විදේශ රට නිෂ්පාදිත ඒවා බවට ද එම ඇසුරුම්වල සදහන් වෙයි.   

ගුල්ලන් සහිත එම පාන් පිටි තොගයට  මෙම ස්ථානයේදී වස යොදා ගුල්ලන් මර්ධනය කර යළි සකසා විදේශ රටක නිෂ්පාදිත බවට හා කල් ඉකුත්වීමේ දින වෙනස් කර  අළුතින් මුද්‍රණය කර  නව ඇසුරුම්වල නැවත අසුරා විදේශයකින් ආනයනය කළ පාන් පිටි සේ යළි බෙදා හැරීම සිදු කෙරෙන බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශණවලදී අනාරවරණය කරගෙන තිබේ.

 



අදහස් (5)

විස පාන්පිටි ගනේවල්පොළින් අල්ලයි

ravin Friday, 29 March 2024 09:37 PM

කළ යුත්තේ ඔය පිටිවලින් ආහාර නිෂ්පාදනය කර තොග අයිතිකරුවන්ටම අනුභව කරවීමට සැලැස්වීමයි. මරණයේ බිය දැණුනාමවත් ජඩවැඩ නතර කරාවි...

:       0       58

Lankabarana Saturday, 30 March 2024 04:35 AM

මේක සකල සෞභාග්‍යය පිරුණු ශ්‍රීලංකාව බව රවීන් දන්නේ නැද්ද? ඒ නිසා එහෙම දඬුවම් කරන්න බැහැ.. ලෝකයේ පමණක් නොවෙයි.., එක් රටක වුණත් මිනිසුන්ට පමණක් නොවෙයි.. සතුන්ට පවා අවුරුදු ආහාර වැවෙන්නේ දේශගුණය අනුව තමයි. ඉතින් ලංකාවේ ඔය තිරිඟු නිෂ්පාදන වෙන්නේ නැහැ... ඒවා පරිභෝජනය ලංකාවේ ජනතාවට විවිධාකාරයෙන් රෝග ඇතිවීමට හේතුවක් වෙනවා. රට තුළදී වුණත් එක් එක් දේශගුණික කලාපවල පළතුරු වුණත් වැවෙන ආකාරය බලන්න. ඉතින් කියන්න තියෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට පවතින රෝග සඳහා ඔය තිරිඟු පිටි ආශ්‍රිත ආහාර හේතුවක් වෙනවා... එහෙම තියෙද්දී ඔය කියන ආකාරයේ පිටිවලින් මොනවා වෙන්න පුළුවන්ද?

:       0       4

Alfread Saturday, 30 March 2024 12:01 AM

ඔය ඉතින් අහවල් ආගමේ කට්ටියගේ වැඩක් තමයි. පාස්කු ගම්මිරිස් නානාගේම නෑයෝ වෙන්න ඇති. ඕවා කරන්න හොඳයි, කියන්න හොඳ නෑ. කිව්වාම අපි ජාතිවාදීන් වෙනවා. ඥාණසාර හාමුදුරුවන්ටත් ඕවා කතාකරලා තමයි දැන් හිරේ ඉන්නේ... වඳ කොත්තු කෝ කිය කියා හිනා වුණු අයට දැන් මොකද කියන්න තියෙන්නේ...?

:       0       2

Bunny Preena Saturday, 30 March 2024 09:09 AM

එම ආයතනය නිෂ්පාදනය කරන හෝ බෙදාහරින ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් වර්ජනය කළ යුතුයි. දැනට පුළුවන් හොඳම දඬුවම ඒකයි.

:       0       10

kahawita Saturday, 30 March 2024 09:36 AM

තව ටික දවසකින් කියයිද දන්නේ නෑ... ඒක වැරිදීමක්... කණගාටුව ප්‍රකාශ කරනවා කියලා...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site