(අංජුල මහික වීරරත්න)
2023 /24 වර්ෂයේ මහ කන්නයේ දී අධික වර්ෂාව හා ගංවතුර නිසා එළවළු ඇතුළු අනිකුත් බෝග වගා කළ බිම්වලින් හෙක්ටෙයාර් 68,131ක් විනාශයට පත්ව ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
මෙම වගා හානි සිදුවූ බිම් ප්‍රමාණය සමස්ත වගා කළ බිම් වලින් සියයට 71ක් බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව මහ කන්නයේ දී වී වගා කළ කුඹුරු ඉඩම් හෙක්ටෙයාර් 100,000ක් ද අධික වර්ෂාව හා ගංවතුර නිසා හානියට පත්විය.
පසුගිය වසරේ මාස හතරහමාරක් පමණ අඛණ්ඩව වර්ෂාව නිසා එළවළු වගා හානි වීමෙන් මෙම වසරේ මුල් මාස තුනේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහල ගියේය.
මීට අමතරව එළවළු ඇතුළු අනිකුත් බෝග වගා හෙක්ටයාර් 23,874ක් කෘමිහානි හා වෙනත් රෝගවල බලපෑමට ලක්වූ බවත් එම ප්‍රමාණය සමස්ත හානියට පත්වූ වගා බිම්වලින් සියයට 27ක් බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
පෙබරවාරි, මාර්තු මාසවල යහපත් කාලගුණික තත්ත්වයක් පැවැතීම හේතුවෙන් එළවළු හා අනිකුත් බෝග වගා බිම් අතිශය සාර්ථක වී ඇතැයි ද එම නිසා එළවළු මිල ගණන් විශාල ලෙස පහළ ගිය බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.
2023/24 මහ කන්නයේ වගා හානි සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක් එළි දක්වමින් එම දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කළේය. මෙම වාර්තාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස මහ කන්නයේ වගාවෙන් 70%ක් ගිලගනී
නිමේෂ් Monday, 22 April 2024 02:52 PM
ලෝකයේ ඇතිවී තිබෙන දේශගුණික විපර්යාස නිසා බලපා තිබෙන තත්වයක්, රනිල්ගෙන් උපදෙස්... පිළියම් අහන්න මොකද එයා තමයි වැඩියෙන්ම දේශගුණික විපර්යාස සමුළු වලට සගභාගි වුණු රාජ්‍ය නායකයා...