IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විස්සේ තරුණියට කැත වැඩක් කළ සැරයන් මාට්ටු

්(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අවුරුදු විස්සක් වයසැති තරුණියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ගත් සැරයන්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව තාවකාලිකව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට 2021 වසරේ සිට අනුයුක්ත කර සිටි අයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකාර පොලිස් සැරයන් මෙම තරුණියගේ  ඥාතියෙකු වන බව පොලිසිය කියයි. තරුණිය පමණක් නිවසේ සිටින විට නිවසට ඇතුළු වූ මෙම පොලිස් සැරයන්වරයා ඇයට ලිංගික අතවරයක් සිදු කර තිබෙන බවද පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.

තරුණිය කළ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස් සැරයන්වරයා රස්නායකපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් රස්නායකපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

 



අදහස් (0)

විස්සේ තරුණියට කැත වැඩක් කළ සැරයන් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site