(රොමේෂ් මධුෂංඛ)
පවතින වැසි සහිත කාලගුණයෙන් බලපෑ වර්ෂාව හා සුළං තත්වයන් හේතුවෙන් උතුරු පළාතේ පවුල් 200 කට අයත් පුද්ගලයින් 629 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.
මේ අනුව වව්නියාව ,මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්ට මෙලෙස සුළං හා වර්ෂාව හේතුවෙන් බලපෑම එල්ල වී ඇති අතර පීඩාවන්ට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
අද (2) උදෑසන වන විට වර්ෂාව හා සුළං තත්වයන් හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ වන අතර එහි පවුල් 113 කට අයත් පුද්ගලයින් 362 දෙනෙකුද , වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 55 කට අයත් පුද්ගලයින් 169 දෙනෙකු ද මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 32 කට අයත් පුද්ගලයින් 98 දෙනෙකු ද විපතට පත්ව ඇත.
මේ අතර සුළං හේතුවෙන් හානි වූ නිවාස 50 කට අධික ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන එම හානි පිළිබඳව වාර්තාවන් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටත් විපතට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගෙන ඇති බවට ද ප්‍රදේශ භාර ආපදා කළමනාකරණ නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැස්සෙන් උතුරේ පවුල් 200 ක් පීඩාවට
විජේ Wednesday, 02 September 2020 07:18 AM
කෝ අර ලිංගම් ලොක්කා එහෙම?
Hafeel Wednesday, 02 September 2020 11:50 AM
ලිංගම් පමණක් නොවේ විජේ... විග්නේශ්වරන්, ගජේන්ද්‍ර කුමාරලා මේ මොහොතේ හැංගිලා. මෙවැනි ආපදාවලදී අපේ රණවිරුවන් තමයි ඉදිරිපත් වෙන්නෙත්...