(මනෝජ් හර්ෂික)
2019 වර්ෂයේ සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර රට පුරා උදා ගම්මාන 2500ක් ඉදිකරන බවත් 2025 වර්ෂය වන විට උදා ගම්මාන 20,000ක් ඉදිකරමින් රටේ සියලු දෙනාට නිවසක් ලබාදීම තම අරමුණ බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (22) පැවැසීය.
ඒ අනුව මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් උදා ගම්මාන 2,500ක් ද දෙවැන්න වශයෙන් ගම්මාන 5,000ක් ද තෙවැන්න වශයෙන් ගම්මාන 10,000 ක් හා සිව්වන අදියර වශයෙන් උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එලල්ල සහ කැටන්වැව ඉදිවූ සඳසිසිලගම සහ සිවරජගම උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා අද (22) මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
"මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 2,319 ක පමණ ඉදිකිරීම් කටයුතු අප ආරම්භ කර තිබෙනවා. අපගේ පළමු ඉලක්කය වෙත යන්නට තව ගම්මාන ගණන 181 ක් අලුතින් අප ආරම්භ කළ යුතුයි. අප නොසිතූ ලෙස පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් අපගේ සංවර්ධන වැඩසටහන් මඳක් පසුබෑමට ලක් වුණා. එහෙත් අප මේ වන විට නැවත රජයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. කුමන බාධා එල්ල වුවද කෙසේ හෝ අපගේ ඉලක්කය ජය ගන්නවා" යැයි අමාත්‍යවරයා එහිදී කීය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
851
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘වසර 2025 වන විට රටේ සැමට නිවසක් ලබා දෙනවා’
H.B.උදයංගනි හේරත් Wednesday, 01 January 2025 09:27 AM
ආධාර නිවසක් සාදාගැනීමයි. අපි ඉන්නේ ඉටි රෙදි වසාගෙනයි, වහලය උළු, බිත්ති, තහඩු...