(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන න්‍යෂ්ටික වැඩසටහෙන් ප්‍රධානතම සාධකයක් වන ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කර දැමීමේ ප්‍රහාරය යොදාගත් අවි සහ සැලසුම නිර්මාණය කිරීමට ඇමෙරිකාව වසර 15 ක් වැයකළ බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කර දැමීම සඳහා ඇමෙරිකාව බංකර් බස්ටර් නැමැති රාත්තල් 30000 ක් බරැති භූගත කඳවුරු විනාශ කර දැමීමේ හැකියාව තිබෙන අධිබලැති බෝම්බ භාවිත කර තිබිණි,
ඇමෙරිකානු හමුදා ඉතිහාසයේ සංකීර්ණතම මෙන්ම රහසිගතම මෙහෙයුම සඳහා ජනපති ට්‍රම්ප් අණදුන් බවත් එය අතිශය සාර්ථක වූ බවත් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් මහතා ප්‍රකාශ කළේය. එම මෙහෙයුම දින 12 යුද්ධය අවසන් කරමින් සටන් විරාමයකට මාර්ගය සකස් කළ බවද ඔහු පැවැසුවේය.
මෙහෙයුමෙන් ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් විනාශ කර දැමුණු බවත් සටන් විරාමය සඳහා කොන්දේසි නියම කිරීමට මෙහෙයුම මාර්ගය විවර කළ බවත් හෙග්සෙත් ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ගුවන් හමුදා ජෙනරාල් ඩෑන් කේන් ප්‍රකාශ කර සිටියේ, ඇමෙරිකාවේ ආරක්ෂක තර්ජන අඩු කිරීමේ ඒජන්සියේ නිලධාරීන් දෙදෙනෙකු ප්‍රහාර එල්ල කිරීමට පෙර ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන අධ්‍යනය කර තිබූ බවත් ඉරානය න්‍යෂ්ටික අවි තැනීම සඳහා යුරේනියම් බලගැන්වීමට එම මධ්‍යස්ථාන ඉදිකර තිබූ බවත්ය. ආරක්ෂක තර්ජන අවම කිරීමේ ඒජන්සිය, ටෙහෙරානයේ සිට සැතපුම් 60ක් පමණ දකුණින් පිහිටි ෆෝඩෝ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වැනි භූගත ඉලක්ක පිළිබඳ ලොව ප්‍රමුඛතම විශේෂඥයා බව කේන් පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර 15කට පෙර සැලසුම් කළ ෆෝඩෝ ප්‍රහාරය