IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමන ලද්දේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපය තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත ය.

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට වැඩිම ණය සම්පාදනය කරන බැංකුව වන කොමර්ෂල් බැංකු සමූහය2023 දෙසැම්බර් 31අවසන් වූ වසර සඳහා රුපියල් ට්‍රිලියන2.656 ක වත්කම්,රුපියල් ට්‍රිලියන2.148ක තැන්පතු, රුපියල් ට්‍රිලියන1.296 ක ණය කළඹක් සහ රුපියල් බිලියන 341.566ක දළ ආදායමක් වාර්තා කරන ලදි.

මහජනතාවගේ දෛනික ජීවිතයේදී බැංකුව ඉටුකරන කාර්යභාරයේ වැදගත්කම මහජනතාවගේ ඇගයීමට ලක් වීම, සියලු ම පාරිභෝගික කොටස්වලට අදාළ සහ ප්‍රවේශ විය හැකි නව්‍ය තාක්ෂණය පදනම් කරගත් සේවා සමඟින් ඔවුන්ගේ අත්දැකීම් අඛණ්ඩව වැඩිදියුණු කිරීමට දක්වන නොපසුබට උත්සාහය හා පාරිභෝගිකයන්ට මෙන්ම විශාල ප්‍රජාවට තිරසාරභාවය තුළින් නොසැලෙන අවධානයක් හරහා ප්‍රත්‍යක්ෂ වෙනසක්ඇතිකිරීමට කරනු ලබන කැපවීම මෙම සම්මානයෙන් පිළිබිඹු වන බව බැංකුව පවසයි.

බහු භාෂා මඟින් කරන අලෙවිකරණ වැඩසටහන්, ජාතික මට්ටමේ වැසටහන් සඳහා අනුග්‍රහය ලබා දීම සහ ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන්වල පුරෝගාමීව කටයුතු කිරීමෙන් සියලු ම ප්‍රජාව සඳහා බැංකුවේ කැපවීම පැහැදිලිවේ.

-595



අදහස් (0)

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site