
(අංජුල මහික වීරරත්න)
කුවේට් එයාර්වේස් ගුවන්සේවය වසර දෙකකට පසුව අද (27) කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කරනු ලැබීය.
සමාරම්භක ගුවන් ගමන වෙනුවෙන් Airbus A 320 neo ගුවන් යානයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ලගා වු අතර සාම්ප්‍රදායික ජල ආචාරය යොදමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එම යානය පිලිගනු ලැබීය.
එහෙම යානයෙන් පැමිණි ගුවන් මගීන්ට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සිලෝන් තේ (Ceylon Tea) තෑගි පිරිනමා උණුසුම් ලෙස පිළිගත්තේය.
අද සිට සතියකට දින 4ක් කුවේට් එයාර්වේස් ගුවන් සේවය කුවේට් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා අධිකාරිය පවසයි.
ඔවුන් මේ සඳහා සිය නවීනතම Airbus A320neo ගුවන් යානා භාවිතා කිරීමට නියමිතය.
1978 ඔක්තෝබර් 15 වන දින කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන්සේවය වන කුවේට් එයාර්වේස් පලමු වරට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබ ඇත. 2023 ජනවාරි මාසයෙන් පසු කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබිණි.

2025 ඔක්තෝබර් මස 08
1521
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වසර දෙකකට පසු කුවේට් එයාර්වේස් ලංකා ගුවනට