IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක්

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරුවේ පැමිණියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි .

ශ්‍රී ලංකාවට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් (Alex Mazkov) ය. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා දරු දෙදෙනා ද පැමිණ සිටියහ .

ඔවුන් රුසියාවේ සිට  ඕමානය වෙත පැමිණ , පසුව එරට  මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන්  කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරු 02.10ට පැමිණ තිබුණි .

2019 වසරෙන්, වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට මෙසේ සංචාරකයන් පැමිණීම මිලියනය ඉක්මවා යමින් තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසේකර මහතා පැවසීය .

මෙම මිලියන සංචාරකයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



අදහස් (6)

වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක්

කිරිපුතා Tuesday, 26 September 2023 07:57 PM

ගුවන්තොටුපල ඇතුලෙ තත්ත්වය කාර්යක්ෂම විය යුතුයි . දිගු පෝල්ම් වල ඉඳලා නැවත යන සංචාරකයින් ඒ ගැන කලකිරීමෙන් යන්නේ . ඒක සංචාරක ව්‍යාපාරයට හොඳ නෑ

:       0       3

Bamunuarachchi Wednesday, 27 September 2023 01:30 AM

පාහර ජෙප්පෝ කිව්වා නේද? ලංකාවට විදෙස්සංචාරිකයින්ට එන්න දෙන්නේ නැහැයි කියලා. ජාති ද්‍රෝහී ජෙප්පන්ව හිටෝ පස් ගැසිය යුතුයි නේද?

:       9       4

dumindaWednesday, 27 September 2023 01:22 PM

හ හ හා

:       1       2

NimalWednesday, 27 September 2023 01:54 PM

එතකොට ඉන්න අනික් 222 ම දේශප්‍රේමීන්ද ?

:       1       5

chandima Wednesday, 27 September 2023 02:03 PM

ඒවාගෙන් ගෙන එන නිසානේ රනිල් 10 ක් 12 ක් එක්කලා ලෝකේ වටේ යන්නේ ?

:       0       0

Athula k Wednesday, 27 September 2023 04:38 PM

සංචාරක වීසා අරගෙන මෙහෙ රැකියා වලට එන ඉන්දියන් මිනිස්සුත් ඔය ගානට ඇතිනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site