IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වසන්ත යද්දී මධූෂ් සිහිකරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ ඡායාරූපයක් සහිත බැනරයක් මහරගම ගොඩිගමුව " නිදහසේ නවාතැන" සූසාන භූමිය ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අද දක්නට ලැබිණි.

" අපේ අයියේ...... එක එක්කෙනා එවනවා අපි එනකම් බලාගන්න.... යනුවෙන් මධුෂ් ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර පහතින් කේ. පි. අයි. යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර ඇත.

ඉකුත් 8 වෙනිදින අතුරුගිරිය ටැටු කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය සඳහා යොදාගත් ටි 56 ජීව උන්ඩ වල ද සටහන්ව තිබූනේ කේ. පි. අයි. යනුවෙනි.

මා කඳුරේ මදුශ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බව ප්‍රංශයේ දේශපාලන රැකවරණය ලබා සිටින කන්ජි පානි ඉම්රාන් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියවිණි.



අදහස් (10)

වසන්ත යද්දී මධූෂ් සිහිකරලා

Lakmal Saturday, 13 July 2024 10:23 PM

බලන් ගියාම කේපීඅයි කියන්නේ නියම පිරිමි වගේ මූනට මූන එන එකෙක් නෙමෙයි.

:       0       1

Prabha Saturday, 13 July 2024 10:46 PM

දකුණු ඉන්දියානු චිත්‍රපට තහනම් කරන්න කාලේ හරි

:       0       0

Muthu Sunday, 14 July 2024 12:07 AM

මේවා හොඳම විකට ජවනිකා ....දැන් නාට්ටිය ගෙනියන සීමා රාමුවත් පැනලා....කොටින්ම කෙහෙල් කැන වැට පැනලා...

:       0       0

රංබොඩ Sunday, 14 July 2024 12:30 AM

මේ අනීතික නැටුම්වල අවසානය ළඟ විය හැකියි. පහන්සිළ වුව නිවීමට කිට්ටුව හොඳින් දැල්වේ...

:       0       1

Nimesh Sunday, 14 July 2024 06:23 AM

අල්ලගන්න ඔත්තුව දුන්න අය මැරුම් කනවා , අපරාද කාරයෝ ඇප අරගෙන එලියට ඇවිල්ල ආපහු සැපට කුඩු බිස්නස් .මිනි මැරුම් කරගෙන යනවා , බන්දුගේ යුක්තියේ මෙහෙයුම කෙටියෙන්

:       2       20

Mr Don Sunday, 14 July 2024 07:26 AM

පොලිස් නාටක

:       4       30

Ranjan Sunday, 14 July 2024 07:27 AM

දැන්නන් සහතිකයි මේක ආණ්ඩුවෙන් ගහපු ගේමක් කියලා. රටෙන් පැනල ගිහින් හැංගිච්ච එකෙක් ප්‍රසිද්දියේ ගේම ඉල්ලන්නෑ මෙහෙම. මේ ඔක්කොම නාටක, ඉම්රාන් කරා කියලා අගවන්ඩ කරන දේවල්.

:       5       31

පිටිගල මිලානෝ Sunday, 14 July 2024 09:03 AM

වසන්තයියා ජාජබ පිලිකන්නට සෙට් වුණොත් කාගේ කාගෙත් වීඩියෝ වගයක් එළියට එන්න තිබුණාලු. වසන්තයියා නාරි මාංශ සපයන ගමන් ඒවා හොරෙන් වීඩියෝ කරනවාලු. අර ඇතිකරන කුරුල්ලෙක්ගේ නමින් ඉන්න නාකි දේශපාලකයාගේ වීඩියෝත් තියෙනවලු…. මේ වීඩියෝ දැන් කවුරු ගාවද තියෙන්නේ…?

:       1       3

fairoos Sunday, 14 July 2024 11:15 AM

දෙයියෝ සාක්කි එක දැම්මා නම් පොඩ්ඩක් හිනා වෙන්න තිබුණා

:       0       0

නන්දන පනා-මිලානෝ Sunday, 14 July 2024 12:43 PM

ඒක නම් පොඩ්ඩක් වැඩියි වගේ නේ. ස්ක්‍රිප්ට් එකට මැච් වෙන්නේ නෑ වගේ. වැඩිය වැඩ දාන්න ගිහිල්ලා බොරුව අතේ මාට්ටු වෙනවා. අනිත් එක පිටරට පැනපු පාතාලයෝ තමන්ගේ බිස්නස් එකට මුල් තැන දීලා ෂේප් එකේ කවර් වෙලා ඉන්නයි උත්සාහ කරන්නේ ඇල්ලුවොත් ආපහු ලංකාවට එවයි කියන බයට...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31161 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13301 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 890 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site