(රන්ජන් කටුගම්පොළ)
නාවික හමුදා රැඳවුම් බාරයේ සිටියදී තරුණයන් 11 දෙනකු අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉවත් කිරීමට නීපතිවරයා ගත් තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම සිද්ධියේ සම්බන්ධ තරුණයන්ගේ මව්පියන් විසින් ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභායට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
මෙම විශේෂ අභියාචන පෙත්සම ලබන වර්ෂයේ ජනවාරි 32 දින විභාගයට ගැනීමට ද දින නියම කළේය.
මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීණි.
මෙම සිද්ධියෙන් අතුරුදහන් වූ තරුණියන්ගේ මාපියන් විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරු වශයෙන් නිතිතිවරයා නම් කරනු ලැබ සිටිති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසන්තට එරෙහි පෙත්සමකට දින දෙයි