IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වස්ගමුව මැද කලෑව වනසා කංසා වවලා

(චාපා මධුභාෂිණී සහබී.ජී.චතුරංග)

වස්ගමුව වනෝද්‍යානය වනසමින් මහා පරිමාණ කංසා ජාවාරම්කරුවන් කංසා හේන් යායක් දින දෙකක මෙහෙයුමකින් පසු වස්ගමු වනෝද්‍යාන නිලධාරීහු විසින් සොයා ගනු ලැබූහ.

එහිදී මහා පරිමාණ කංසා ව්‍යාපාරිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වනෝද්‍යාන නිලධාරීහු පැවැසූහ.

වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සුදු කන්ද පාමුල ඝන වනාන්තරය අක්කර ගණනක් විශාල කැලෑව විනාශ කර මෙම කංසා හෙන් පවත්වගෙන ගොස් ඇත.

අක්කර පහක පමණ භූමියක හොඳින් වැඩුණු කංසා ගස් ලක්ෂයක් පමණ ගිනි තබා විනාශ කළ බව ද ඔවුහු පැවැසීහ.

අත්අඩංගුවට ගත් කංසා ව්‍යාපාරිකයෝ ඇඹිලිපිටියේ පදිංචිකරුවෝ වෙති.

කංසා හේන් වගාවට සම්බන්ධ තවත් පිරිසක් එහි රැඳී සිට ඇති අතර ඔවුන් පැන ගොස් ඇත.

කූඩාරම් කීපයක් එ ඒ අවට තනාගෙන මාස ගණනාවක් එහි රැදී මෙම ජාවාරම සිදු කර ඇත.

එහි එක් කූඩාරම අලෙවියට සූදානම් කර තිබූ ගංජා කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වෙනෝද්‍යාන නිළධාරීහු පවසති.

වස්ගමුව රක්ෂිත ප්‍රදේශයේ විශාල භූමියක කැලය කපා ගිනි තබා එහි කංසා වගා කර ඇති බවට ලද රහසිගත තොරතුරකට අනුව දින දෙකක තිස්සේ මහ මඟ ගෙවා කංසා වගා කර ඇති ප්‍රදේශයට ළඟා වූ බව වැටලීම සිදු කළ නිලධාරිහු පවසති.

හොඳින් නොවැඩුණු කුඩා පැල සහිත තවත් විශාල භූමියක් ඒ ආසන්නයේම වූ බව ඔවුන් වැඩිදුරටත් කීය.

මෙම කංසා තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 ආසන්න බව වනෝද්‍යාන බාර නිලධාරීහු පවසති.

 



අදහස් (3)

වස්ගමුව මැද කලෑව වනසා කංසා වවලා

Gayana Dumage Thursday, 21 December 2023 06:17 PM

අපරාදෙ ගිනි තිබ්බේ.. ඕවා සල්ලි නේද?

:       7       7

LallaThursday, 21 December 2023 07:11 PM

සහතික ඇත්ත. බෙහෙත්වලට ගන්න තිබුණා. අනික ගුවන් ඡායාරූපගත හැකි මේ විසිඑක්වන සියවසේ වනෝද්‍යානයක මෙතරම් කැලෑවක් රහසිගත ලෙස හෙලි පෙහෙළි කරනවා නම් ජාතික ආරක්ෂාව පිළිබඳ සැක පහළ වෙන්න ඕනෑ නේද?

:       0       18

wedage Friday, 22 December 2023 03:20 PM

අර ඩයනා මේ ගැන දන්නවාද? ඔය කට්ටියට දඬුවම් දේවි පින්පතිට කියලා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site