වසංගත කාලයකදී වරින්මේ වර ලෙඩ රෝග හිස එසවීමට හැකියි.එබැවින් මේ දිනවල කොවිඩ් සහ ඩෙංගු නොවන වෙනත් උණ රෝගී තත්ත්වයක් පැතිර යමින් පවතී. රුධිර පරීක්ෂාවලදී කොවිඩ් සහ ඩෙංගු නෙගටිවු වුවද මෙය ඉන්ෆ්ලුවන්සා තත්ත්වයක් විය හැකියි. එසේත් නැත්නම් වයිරස් උණක් වීමට පිළිවන. උණ යනු රෝග ලක්ෂණයක් වන බැවින් දින 03කට වඩා උණ ගතිය පවතී නම් හැකි ඉක්මනින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවකට භාජන විය යුතුයි.
වර්තමානයේදී යළිත් වතාවක් කොවිඩ් සේම ඩෙංගු රෝගයද උත්සන්න වී යමින් පවතින මොහොතකදී වරින් වර වයිරස් රෝග මතුවීම සාමාන්‍ය දෙයකි.
පුද්ගලයකුට උණ ගැණුනු විගසින්ම එය කොවිඩ් හෝ ඩෙංගු රෝගය යැයි නිශ්චිතවම පූර්ව නිගමනවලට එළැඹීමටද නුපුළුවන. එසේ නොවේයැයි පැවසීමට හැකියාවක්ද නැත.මන්ද ඩෙංගු රෝගීන් වුවද ඇන්ටිජන් පරීක්ෂාවේදී කොවිඩ් පොසිටිව් වීමට පුළුවන. එසේම කොවිඩ් රෝගීන්ට වුවද ඩෙංගු වැළඳීමේ ප්‍රවනතාවක් පවතී.
රටේ පැවැති අධි වසංගත තත්ත්වය කැපී පෙනෙන ලෙස මර්දනය වී පැවැති අවස්ථාවකම යළිඳු වතාවක් කොවිඩ් තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කිරීම කනගාටුවට කරුණකි. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ ළමා රෝහලේ ස්ථාපිත කොවිඩ් ළමා වාට්ටු 03න්ම රෝගීන් 51 දෙනකු පමණ පසුගිය බදාදා වනවිට වාර්තා විණි. තවද බ්‍රහස්පතින්දා වනවිට සුව අතට හැරුණු රෝගීන් 18 දෙනකු පමණ නියමිත ප්‍රතිකාර අවසන් කොට රෝහල් නේවාසික ප්‍රතිකාර ලැයිස්තුවෙන් ඉවත් විණි.
දින 03කට වඩා පවතින උණ තත්ත්වය හේතුවෙන් රුධිර පරීක්ෂාවලට යොමු වූ රෝගීන්ගේ වාර්තා සමීක්ෂණයේදී කොවිඩ් නොවුණද බොහොමයක්ම ඩෙංගු තත්ත්වය බවට සනාථ වී ඇත. මේ අනුව කොවිඩ් සේම අප ඉදිරියේ ඇති ඩෙංගු අවදානමද දැඩි බවද මතක තබා ගත යුතුයි.
සාමාන්‍ය වයිරස් උණ තත්ත්වයක් නම් එය දින 03කට අඩු කාලයකදී පහව යන අතර කල් අල්ලා උණ ගතිය නොපවතී. කොවිඩ්, ඩෙංගු සේම වයිරස් උණකදී වුව වෛද්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතය, ස්ව අභිමතය පරිදි ඖෂධ වර්ග මාරු කිරීම සේම මාත්‍රාව වෙනස් කිරීමද නොකළ යුතුවේ.
වයිරස් උණ තත්ත්වයකදී වුව ලබා ගත හැකි එකම ඖෂධය වනුයේ පැරසිටමෝල් පමණි. එයද පැය 6න් 6ට නියමිත මාත්‍රාව නිසි පරිදි විය යුතුයි. වෛද්‍ය නිර්දේශය මත නියමිත මාත්‍රාවම පමණක් වීම අවධාරණය කෙරෙන අතර කුඩා දරුවකු නම් වයස සහ බර අනුව නියමිත මාත්‍රාව ලබා දිය හැකියි.
උණ රෝගියාට මූලිකවම අවැසි වනුයේ හොඳ විවේකයකි. ඝන ආහාර වෙනුවට දිරවීමට පහසු ආහාර, දියර ආහාර ලබා දීමට පුළුවන. එසේම මේ කාලය ඇතුළත පිරිසුදු ජලයද පානය කිරීමට ලබා දෙන්න. උණ රෝගියා වැඩිහිටි පුද්ගලයකු නම් රෝගී තත්ත්වය පවතින කාලය තුළ නිවසින් බැහැරට නොගොස් නිවසේම රැඳී හිඳීමට වගබලා ගන්න. කුඩා දරුවකු උණ තත්ත්වයෙන් පෙළේ නම් පාසල් , පෙර පාසල් නොයවා නිවසේ රඳවා ඇඳ විවේකය ලබා දෙන්න.
සුවපහසු පරිසරය, වෛද්‍ය උපදෙස් සේම මනා විවේකය රෝගියාට ලබා දීමෙන් රෝගී තත්ත්වය ඉතා ඉක්මනින්ම දුරුවී සුවපත් වීමට හේතුවක් වනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වසංගත කාලේ පැතිරෙන වයිරස් උණෙන් රැකෙමු