IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විෂ දුම සොයන්න පොලිසියේ තෙවන ඇස RMVය ගනී

(යොහාන් භාසුර)

වාහන විෂ දුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ගැටලු කළමනාකරණය ක්‍රමෝපාය යටතේ අධික විෂ දුම පිට කරන වාහන හදුනාගැනීම සඳහා පොලිස් සීසීටීවී කැමරා පද්ධතිය යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සැළසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, කොමසාරිස් තොරතුරු තාක්ෂණ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල රටට ඇති විශාල සම්පතක් වන බවත් වාහන විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කාර්යයන් උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව සතු සීසීටීවී දත්ත ගැනීමට අමතරව මෙම සීසීටීවී කැමරා පද්ධතිය නවීකරණය හා තවත් පුළුල් කිරීමට අවශ්‍ය පූර්ණ සහය වාහන වායු විමෝචන භාරකාර අරමුදල හරහා දීමට ඉදිරියේදී කටයුතු සැළසුම් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පිවිසීමේ අවසරය පොලිස් දෙපාර්තමේන්තුව වෙත මීට ඉහත ලබා දී තිබූ අතර එය දත්ත පද්ධතිය නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වූ බවත් රියදුරන් කරන මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධව දඩ කොළ නිකුත් කිරීම වැනි කාර්යයන් තවදුරටත් විධිමත් කරනු පිණිස මෙම දත්ත පද්ධතිය හරහා අවශ්‍ය කටයුතු කිරීමේ බලය ද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පොලිස් දෙපාර්තමේන්තුව වෙත සැපයීමට සාකච්ඡා කළ බවත් ඒ මහතා කීය.

 



අදහස් (4)

විෂ දුම සොයන්න පොලිසියේ තෙවන ඇස RMVය ගනී

නිහාල් Monday, 26 May 2025 12:36 AM

CTB එක වහන්න ද හදන්නේ

:       0       1

Premasiri Monday, 26 May 2025 05:21 AM

වාහනවල ඉදිරියේ ප්‍රධාන ලාම්පුවලට අමතරව හා පිටුපස ආලෝක සවිකර තියෙන්නෙ වාහන හිමියන්ගේ නැතත් මගීන්ගේ හා අනෙකුත් වාහනවල ආරක්ෂාවට වෙන්න පුලුවන් ඒත් අපේ ප්‍රදේශයේ යතුරුපැදි හා බොහොමයක් ත්‍ර්‍රීවිලර් වල එම ලාම්පු දකින්නම නැහැ රාත්‍රියේ ඉදිරිපස ප්‍රධාන ලාම්පුව සුදු පැහැති ආලෝකය දල්වා අනෙක් පහන් නැතුව අංක තහඩුවල ආලෝකය නැතුව යන්නෙ මොකටද කියල හිතෙනවා විශේසයෙන් දුම් පරීක්ෂන අවස්තාවල මේවා ගැනත් බලනවානම් රටේ අකටයුතුකම් නොවේවි කියලා හිතෙනවා කලත් නොකලත් මේගැන බැලීම අත්‍යාවශ්‍යම දෙයක් කියන්න පුලුවන් ඒ වගේම වාහන වැරදි වලට මේවත් එකතුකිරීම රජයේ ආදායම් වැඩිකර ගැනීමට ක්‍රමයක් හැටියට සලකන්න පුලුවන්

:       0       2

ගුණරත්න Monday, 26 May 2025 07:50 AM

විස දුම් හැදෙන එක නවත්තන්න නම් අලුත් වාහන ගෙන්වන්න දෙන්න ඕන, එත් අපේ රටේ අවුරුදු 10 15ක් පරණ වාහනත් ඇසට් එකක් නේ, එකක් කෝටියයි, ඉතින් කොහොමද ඒවා අයින් කරලා අලුත් ඒවා ගන්නේ? ජපන්නු කියන්නේ ලංකාවත් කියුබාව වගේ කියල, උන්ගේ රටේ අයින් කරපු වාහන මෙහෙ තාම දුවනවා. උන් ළමා කාලෙන් පස්සේ දැකපු නැති ඒවා මෙහෙ හැම අස්සක් මුල්ලකම තියෙනවා, සමහර පරණ කාබියුරේටර් මොඩල් කාර් තියෙනවා දෙවියන්නාන්සේටවත් හදන්න බැහැ. කොච්චර හදවත් ටික දවසකින් දුම දානවා. ඉතින් මිනිස්සුන්ට දඩ ගහන එක අසාධාරණයි.

:       1       1

අරවින්ද මොණරවිල Monday, 26 May 2025 10:35 AM

දුම් පරීක්ෂණ වගේම වහන නිසි පරිදි නඩත්තු වෙනවාද කියලත් සොයා බැලිය යුතුය. රටේ බොහෝ මාර්ග අනතුරු වලට හේතුව නිසි පරිදි නඩත්තු නොකිරීමයි. ඒ නිසා රථවාහන පොලිසිය වාහන පරික්ෂා කිරීමේදී ඒ වාහන නිසි පරිදි නඩත්තු කෙරවාද යන්න පරික්ෂා කිරීමටද ක්‍රමවේදයක් සකස් කල යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site