IMG-LOGO

විෂයන් ගැසට් කරන්නැයි රාජ්‍ය ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලයි

අජන්ත කුමාර අගලකඩ

රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළාක් මෙන්, ඔවුන්ට අයත් ආයතන හා විෂය පථයන් ගැසට් කර පත් කරන්නැයි හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

එවිට කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර ඇති වියහැකි ගැටුම් බොහෝ දුරට අවම කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.

හිටපු රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර ,ඔවුන් එහිදී මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට තිබේ.

ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලැබී නැතැයි ද වාර්තා වේ

රාජ්‍ය ඇමතිවරුන් තිස් දෙනකු පත් කිරීමට යෝජනා වී ඇති අතර,එම පත්කිරීම් අතුරු අය වැය සම්මත කිරීමෙන් පසුව සිදුවනු ඇතැයි ද වාර්තා වේ.

 



අදහස් (1)

විෂයන් ගැසට් කරන්නැයි රාජ්‍ය ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලයි

කිරිඇල්ලේ නිළමේ Sunday, 28 August 2022 05:51 AM

රාජ්‍ය ඇමති තනතුරු සඳහා පමණක් නොවෙයි, මන්ත්‍රීලා සඳහාත් විෂයයන් ගැසට් කරනවා නම් හොඳයි. මොකද පසුගිය දිනක රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වාසුදේව රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම වැඩක් නොකළත්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස ප්‍රශ්න විසඳීමට නිවාස අමාත්‍යාංශ කමිටුවක් ඉදිරියට ගොස් තිබුණා. එහෙම ක්‍රියාවන් ඡන්දය දුන්නු ජනතාවට කරන බලවත් අසාධාරණ වැඩ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site