විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා, විෂන් කෙයා හි සාමාන්‍යාධිකාරී හර්ෂ මධුරංග සහ විෂන් කෙයා හි මූල්‍ය සාමාන්‍යාධිකාරී හිරන්ති පෙරේරා ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.
මෙරට ප්‍රමුඛ පෙළේ රෝහල් ජාලයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදේශන සේවා ද ඇතුළුව පුළුල් පරාසයක සෞඛ්‍ය සේවා සපයයි. මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අක්ෂි සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා විෂන් කෙයා ආයතනය මෙඩිහෙල්ප් රෝහල් ජාලය සමඟ සහයෝගීතාවකට එළඹී ඇති අතර රට පුරා පිහිටි මෙඩිහෙල්ප් රෝහල් වෙත සිය සේවා ලබා දීමට බලාපොරොත්තු වෙයි.
වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති මෙම නව ශාඛාව හරහා අතුරුගිරිය ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියලුම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, සහ ශ්‍රවන පරීක්ෂණ ලබා ගැනීමට හැකි වනු ඇත. Ray Ban, Vogue, Carrera, Emporio Armani, Tommy Hiliger වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් යටතේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච මෙන්ම ශ්‍රවණාධාරක ද මෙම නව අතුරුගිරිය ශාඛාව මගින් ලබා ගැනීමට හැකියාව තිබේ.
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ