IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


විෂන් කෙයා කුරුණෑගල ශාඛාවට නවතම ඒකකයක්

විෂන් කෙයා ආයතනය සිය පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක අක්ෂි සහ ශ්‍රවණ සත්කාර විසඳුම් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණෙන් අතිනවීන පහසුකම් සමඟ අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකයක් කුරුණෑගල ශාඛාවට එක් කරන ලදී.

මෙම නවතම ඒකකය විවෘත කිරීමේ උත්සවයට අක්ෂි ශල්‍ය වෛද්‍ය සරත් තෙන්නකෝන්, අක්ෂි ශල්‍ය වෛද්‍ය අනෝමා ජයතිලක, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් නාරංගොඩ, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ඒ.බී. කිරිදෙන, උගුර කන නාසය පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මාදවික දයාරත්න, විෂන් කෙයා හි සභාපති දසන්ත ෆොන්සේකා සහ කළමනාකාර අධ්‍යක්ෂ ජානක ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයෝ සහභාගි වූහ.

කුරුණෑගල, උඩුවල්පොල පාර, අංක: 22/2, Aselro ගොඩනැගිල්ලේ 3 වන මහලේ පිහිටි විෂන් කෙයා කුරුණෑගල ශාඛාව විසි වසරකට අධික කාලයක් පුරාවට කුරුණෑගල නගරයේත් ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන් සඳහාත් ජාත්‍යන්තර ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර සේවා ලබා දෙන ලදී. මෙම නව අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ රෝග විනිශ්චය ඒකකය හරහා රෝගීන්ට අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සඳහා විශේෂඥ වෛද්‍ය උපදෙස් සේවා,  OCT, දෘෂ්‍ය ක්ෂේත්‍ර පරීක්ෂණ (Visual Field Test), Fundus Photographyසහ Vision Therapy ඇතුළු පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත පරීක්ෂණ සේවා රැසක් ලබා ගැනීමට හැකි වේ.

595



අදහස් (0)

විෂන් කෙයා කුරුණෑගල ශාඛාවට නවතම ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site