IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විෂන් කෙයා ඇකඩමිය වාර්ෂික විද්‍යාත්මක සැසිය නිම කරයි

විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්‍යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය “සුපැහැදිලි දැක්මක් නව්‍යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව නිම කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති උදේනි වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. විෂන් කෙයා ඇකඩමිය විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ දෘෂ්ටි විද්‍යාව සහ ශ්‍රවණ සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන් දිරිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමටයි. එමෙන්ම මෙම සැසිය විෂන් කෙයා ඇකඩමියෙහි නිල සහතික පත් ප්‍රදානෝත්සවය වන අතර විෂන් කෙයා ඇකඩමිය හරහා පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් විෂන් කෙයා ඇකඩමියේ ප්‍රධානී විද්‍යා ජයරත්න මෙසේ පැවසීය. 

“පසුගිය වසරේ මාර්ගගත ක්‍රමයට සිදු කෙරුණු දෘෂ්ටිමිතික දිනය සහ වාර්ෂික විද්‍යාත්මක සැසිය මෙම වසරේ දී මේ ආකාරයෙන් සැමරීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටුට පත් වෙනවා. ඇකඩමියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය මෙම උත්සවය සැමවිටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළා. ශ්‍රී ලංකාවේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර ක්ෂේත්‍රවල දැනුම ඉහළ නැංවීමට අපගේ කාර්යභාරය ඉටු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර අනාගතයේදීත් එය එලෙසින්ම සිදුකිරීමට අපි උත්සාහ දරනවා.”

595



අදහස් (0)

විෂන් කෙයා ඇකඩමිය වාර්ෂික විද්‍යාත්මක සැසිය නිම කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site