
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් පමණක් නොව ජනමත විචාරණයකින්ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ දැනුම් දුන්නේය .
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම්දීම කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(2)(ඇ) ව්‍යවස්ථාව ප්‍රකාරවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නොවන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන බැවින්,ඒ වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන්ද මේ අනුව වැළකිය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවත් කතානායකවරයා කීවේය.
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත ජනමත විචාරණයකින් සම්මත විය යුතුයි‘
fairoos Tuesday, 22 February 2022 01:21 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව තියනකම් ජනතාවට අබ සරණයි...
dasun Tuesday, 22 February 2022 01:48 PM
තාමත් අපේ අධිකරණය ශ්‍රේෂ්ඨයි...
Damith Tuesday, 22 February 2022 04:04 PM
දැන් බල්ලා වලිගෙ අස්සේ ගහගත්තා වගේ ඕක අකුලගන්නේ නැතිව තියන්න ජනමත විචාරණයක්... අත්‍යාවශ්‍ය හින්දනේ ඕක සම්මත කරගන්න හැදුවේ. දැන් අකුලගන්න එපා. 69 ලක්ෂයක් ඉන්නවනේ... මොකටද බයවෙන්නේ? සර් දැන් ඕක තියන්න...
sharm warn Wednesday, 23 February 2022 09:42 AM
හප්පා... යාන්තම් එයාලත් ස්වාධීන වෙන්න හිතිලා වගේ.... ලොකු දෙයක්... නැතිනම් මෙතන රටක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ... මේ විදිහට යන්න දුන්නොත්..
saman Wednesday, 23 February 2022 12:40 PM
අධිකරණ රාමුව තුළ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා.
mp Wednesday, 23 February 2022 12:55 PM
තුනෙන් දෙක නම් හොඳටම ලැබෙයි මේ පාර... ජනමත විචාරණයෙනුත් ජය සිකුරුයි...!