(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
මෙයට අමතරව පාර්ලිමේන්තුවේ මේ සතියේ අනෙකුත් කටයුතු සම්බන්ධයෙන්ද මේ රැස්වීමේදී තීරණයක් ගැනෙනු ඇත.
මේ අතර නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන්ද නියෝජිතයකු ඉදිරිපත් කෙරෙන බව එම පක්ෂය පවසයි.
නියෝජ්‍ය කතානායක ධුරය සඳහා එම පක්ෂයෙන් ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාගේ නම යෝජනාවී ඇතැයි දැනගන්නට ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී