IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


විශේෂ කාර්ය බලකායට ත්‍රිරෝද රථ පනහක්

(අංජුල මහික වීරරත්න)

විශේෂ කාර්ය බලකාය සඳහා යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විශේෂ කාර්ය බලකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23 ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ. එම බලකාය වෙත පැවරී ඇති රාජකාරී ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314 න් 90%ක් පමණ වසර 10 කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ. එම තත්ත්වය විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් වී තිබේ. ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව ඵලදායි ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරු පැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (3)

විශේෂ කාර්ය බලකායට ත්‍රිරෝද රථ පනහක්

ගුණරත්න Tuesday, 04 November 2025 02:11 PM

මහා විහිළුවක් නේ, වෙනත් රටවල පොලිස් විශේෂ කාර්ය බලකාය කියන්නේ ස්වැට් ටීම් වගේ විශේෂ පුහුණුවක් ඇති කණ්ඩායම්, ඔවුන් යන්නේ විශේෂයෙන් හදපු රථවල. ඔවුන්ට හෙළිකොප්ටර යානා පවා තිබෙනවා.

:       0       9

රන්මල් Wednesday, 05 November 2025 01:51 AM

STF එක වීල් එකේ ගේමට බහින කොට ගැම්ම කොහොමද?

:       0       0

Duminda Jayanath Udayakumara Wednesday, 05 November 2025 03:37 AM

මේ ත්‍රී විල් ගේන එක වහාම නවත්වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 382 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site