(සුජිත් හේවාජුලිගේ )
වාහන ආනයනය තහනම තිබියදී විශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වීමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මින් වාහන 3000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ජිප් රථ සහ ත්‍රිරෝද රථ බවද ඔහු සඳහන් කළේය.
වාහන ආනයන තහනම පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වාහන අමතර කොටස් ගෙන්වීමට තිබූ තහනමද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි සඳහන් කළේය.
කොව්ඩ් අර්බුදය සමග මතු වූ ආර්ථික ගැටලුව සමඟ මෙරටට වාහන ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
ඒ අනුව ගිලන්රථ පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ ආදී පොදු අවශ්‍යතාවයන්ට අවශ්‍ය වාහන හැරුණු කළ වෙනත් වාහන ගෙන්වීම තහනම් කෙරිණ.
වාහන ගෙන්වීම මෙසේ තහනම් කෙරුණේ 2022 වර්ෂයේ ජුනි මස 5 වැනිදාය.
මේ අතර මේ රටට නීති විරෝධීව ගෙනැවිත් ඇති වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විශේෂ කටයුතු සඳහා වාහන 6900 ක් ගෙන්වයි
සල්ලි Friday, 01 September 2023 07:22 AM
99% ක් ශුවර් අදි සුඛෝපභෝගී වාහන 225ක් හොරෙන් ගෙන්නනවා.
Perakum Friday, 01 September 2023 11:47 AM
අනිත් වාහන ටික දේශපාලුවන්ට සහ ඔවුන්ගේ ගජමිතුරන්ට වෙන්නැති. ඒකයි කියන්නැත්තෙ.