IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලවල විදෙස් නිවාඩු අත්හිටුවයි

(නිමල කොඩිතුවක්කු)

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්තව රාජකාරි කරන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලූම කාර්ය මණ්ඩල සඳහා නැවත දැනුම් දෙන තුරු දේශීය සහ විදේශීය නිවාඩු  අනුමත කිරීම අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 , රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක හා එම චක්‍රලේඛවලට අනුශාගේ චක්‍රලේඛ ප්‍රකාරව දේශීය / විදේශීය නිවාඩු අවලංගු කරමින් පසුගිය 18 වනදා සෞඛ්‍ය ලේකම්වරයා මෙම නියෝග නිකුත් කර තිබේ. 

සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදෙස් ගත වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය  රාජකාරී පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවත් ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වේ. 

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමට සීමා කර ඇති බැවින් මෙම පියවර ගැනීමට සිදුවන බවත් ඔහු සඳහන් කරයි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සියලූම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් සියලූම රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිස් දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයා මෙම නිවේදනය නිකුත් කර තිබේ. 

මේ අතර විදෙස් ගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩල යළි දිවයින්ට කැඳවීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

 



අදහස් (0)

විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලවල විදෙස් නිවාඩු අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 190 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site