(අංජුල මහික වීරරත්න)
විශ්ව විද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත, 2016 අංක 17 දරන විශ්ව විද්‍යාල (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධනය කර ඇති අතර විවිධ පරිපාලන තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමේ දී සහපත් කිරීමේ දී පනතේ ඇතැම් විධිවිධාන වල පවතින අපැහැදිලිතා හේතුවෙන් ගැටලු පැන නගින බව නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, එම පනතේ 49 වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ පීඨාධිපති තනතුරට පත් වීම සඳහා යෝජිත සුදුසුකම් සහ පනතේ 51 වන වගන්තියේ (1) උප වගන්තිය යටතේ අධ්‍යයන අංශ ප්‍රධානියෙකු ලෙස පත් කිරීම සඳහා වන සුදුසුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විශ්ව විද්‍යාල පනත සංශෝධනය වෙයි
රුවන් Tuesday, 17 June 2025 05:11 PM
කුලපති ඉන්න ඕනේ යුරෝපයේ වගේ කෙලින් තීරණ ගන්න පුළුවන් අය. අන්තිමට හිටිය ගෝමිස් පියතුමාගෙන් පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයත් බල්ලට ගියා...