
(නිමල කොඩිතුවක්කු)
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ විමර්ශණ යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් මේ මගින් කලින් හෙලිදරව් නොවු තොරතුරු රැසක් හෙලිදරව් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්වාසභංග යෝජනාවට ආණ්ඩුව බය නොවන බවත් ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට මෙය හොද අවස්ථාවක් බවත් අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.
“විපක්ෂයට ඕන විදියට අපි හැසිරෙන්නේ නැහැ. ඇත්ත පරීක්ෂණ යට යවන්න විපක්ෂය එක එක වෙලාවට සිදුකරන බොරුවලට අපි අහුවෙන්නේ නැහැ. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි අයුරින් සිදු නොවන විට සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් මෙහෙම නමක් කියවුනේ නැහැ.
අපි මේ විමර්ශණ ක්‍රියාවලිය නිවැරදිව සිදුකරමින් මෙහි මහමොලකරුවන් සම්බන්ධයෙන් ක්‍රමානූකූලව පරීක්ෂණ කරගෙන යනවිට තමයි මේ අයට එක එක සිද්ධි මේකට පටලවන්න ඕන වෙලා තියෙන්නේ.
දැන් ආණ්ඩුවේ කොනෙක් මේකට පටලවන්න පැහැදිලි අරමුණක් තියෙනවා. ඒ තමයි මහමොලකරුවන් සහ මේ ඝාතනයේ ඇත්ත චූදිතයන් වසන් කරන්න විපක්ෂයට වුවමනාවක් තිබෙන බව පේන්න තියෙනවා.
2025 නොවැම්බර් මස 04
214
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘විශ්වාසභංගෙ අපට අභියෝගයක් නොවේ‘‘
Krishna Wednesday, 13 August 2025 08:40 AM
කෙහෙළිය මතක් වුනා...නලින්ද
Nilantha Marambe Wednesday, 13 August 2025 11:28 AM
ඔලුගෙඩිම 159 ක් තියෙද්දී මොන අහියෝගයක්ද ඇමතිතුමෝ. ඒත් විපක්ෂය කියන්නෙ ඇත්තනේ. ඔවැනි දේවල් වලට අපේ මී මුත්තලැයි කාලෙ කිව්වෙ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ කියලලු .කොහොම වුනත් තවත් අවුරුදු තිහ හතලිහකින් ජීවත්වෙන ජනතාව ඔහේල ගැන හොදහැටි මතක් කරාවි.