IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වවිනියාවේ නිවසකින් ගිනි අවි පතුරොම්-STF නිල ඇදුම් මතුවෙයි

(  සිතුම් චතුරංග)

වවුනියාව, බෝගස්වැව සැළලිහිණිගම ගම්මානයේ නිවසක සඟවා තිබූ ගිනිඅවි රැසක් සඳහා යොදාගන්නා පතොරම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙකු නිල ඇඳුම් කිහිපයක් සමඟ පුද්ගලයකු ඊයේ (21) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් දෙකක් සමඟ සැකකරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු පදිංචි නිවස තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම ජීව පතොරම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුම් හමුවූ බව පැවසීය.

හමුවූ පතොරම් අතර ටි 56 වර්ගයේ ගිනිඅවි සඳහා යොදාගන්නා ජීව පතොරම් 296ක් ,  බෝර 12 වර්ගයේ ජීව පතොරම් 27ක් , එම් 16 ගිනිඅවිය සඳහා යොදාගන්නා ජීව පතොරම් 19ක්, ටි 56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරන ආයුධ කට්ටලයක් , ටි 56 ගිනිඅවි පුහුණුව සඳහා යොදාගන්නා පුහුණු පතොරම් 124ක්, මිලිමීටර නවය ස්වයංක්‍රීය පිස්තෝල සඳහා යොදාගත් හිස් පතොරම් කොපු 365ක් සහ භාවිතාකරන ලද ටි.56 හිස් පතරොම් 24ක් සොයාගත් බව සඳහන් කළේය.

තවදුරටත් නිවස පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ යුද හමුදා සහ විශේෂ කාර්ය බලකා නිලඇඳුමට යොදාගන්නා වෙඩිපැක් දෙකක්, පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුම් කට්ටල ගමන්මළු , සපත්තු, කලිසම් , කැප් සහ පාදයට පලදින ගිනිඅවි බහාලුමක් සොයාගත් බවත් පැවසීය.

 

 



අදහස් (4)

වවිනියාවේ නිවසකින් ගිනි අවි පතුරොම්-STF නිල ඇදුම් මතුවෙයි

Lalith Thursday, 22 May 2025 11:05 AM

සාමය හොයනවා වගේ ආයෙත්

:       18       17

වින්සන්ට් කජ්ජා Thursday, 22 May 2025 01:31 PM

මමත් හිතුවේ රට ගොඩටම ගත්තු අය නැතිම කරපු ත්‍රස්තවාදය නැවත හිස ඔසවනවා කියලා.

:       0       0

fairoosmr Thursday, 22 May 2025 12:08 PM

ලංකාවේ ඉන්න සමහරකගේ මානසික සෞඛ්‍ය පිණිස අත්අඩංගුවට පත්වෙච්චි කෙනාගේ නමත් දාන්න තිබ්බේ

:       0       0

Bunny Preena Friday, 23 May 2025 09:39 AM

බුද්ධි අංශවලට ඉදිරියට ගොඩාක් වැඩ තියෙයි වගේ. බුද්ධි අංශ වලටම විතරක් මේ කාරනාව භාරදීලා, පුරවැසියන් හැටියට අපිට නිකන් ඉන්න බෑ. අපිත් බොහොම අවධියෙන් සහ විමසීල්ලෙන් පුරුදු වෙලා ඉන්නව නම් හොඳයි. නිය පොත්තෙන් කඩන්න ඕන දෙයක් පොරවෙන් කඩන තත්වෙකට එන්න දෙන්න බැහැ . ඉතින් මහජනයා හැටියට අපිත් අවධානයෙන් සහ විමසීල්ලෙන් ඉමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site