IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


වවුනියාව නොච්චිකුලම ගම්මානයක 26 කට කොරෝනා

(සිතුම් චතුරංග)

වවුනියාව නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ගම්වාසීන් 26 දෙනෙකු කොවිඩ් 19 වෛරස ආසාදිතව හදුනාගත් බව  වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ගම්වාසීන් 164 පමණ ජීවත්වන අතර ඔවුන්ගෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී ආසාදිත පිරිස හදුනාගෙන තිබේ.

වෛරසය ආසාදිතව තහවුරුවූ ගම්වාසීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.

ගම්වාසීන් එකිනෙකා සමඟ එක්ව සංචාරක දිවියක් ගත කරන බැවින්, ගම්මානයේ කොවිඩ් ව්‍යාප්තව ශිඝ්‍රයෙන් සිදුවන බැවින්, ආශ්‍රිතයින් සියලු දෙනා නිවෙස්තුළ නිරෝධායනයට  හා  නිරෝධායන මධ්‍යස්ථාන වෙතද යොමුකළ බවද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

ගම්මානයේ ජනතාව ප්‍රදේශයෙන් බැහැරවීම වැලැක්වීම සඳහා පොලිස් හා සිවිල් ආරක්ෂක සෙබලුන් යොදවීමට පියවරගත් බවද වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

 

 

 

 



අදහස් (0)

වවුනියාව නොච්චිකුලම ගම්මානයක 26 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site