
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
යෝජනාව සම්මතවී තනතුරින් ඉවත් කිරීමට පෙර මෙසේ ඉවත්වීමෙන් යම් ගෞරවනීය තත්වයක් ඇතිකර ගත හැකි බව ඔහුගේ හිතවතුන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ අතර අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුව දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව මන්ත්‍රීවරෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක සඳහන් නොකළ යුතු යැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන හෙයින් යෝජනාව විවාදයට ගැනීමට නීතිමය බාධාවක් මතුවන බව නීති විශාරදයෝ පවසති.
විනිශ්චයට භාජනය වී තිබෙන කාරණයට එරෙහිව නීති කඩ කරමින් කතා කරන කවර හෝ මන්ත්‍රීවරයකුට සිය ආසනයෙහි අසුන් ගන්නා ලෙස නියෝග කිරීමට කතානායකවරයාට හෝ මූලාසනාරූඩ මන්ත්‍රීවරයාට හැකියාව පවතින බවද එම ස්ථාවර නියෝගවල දැක්වේ.
කෙසේ වෙතත් එවැනි අගතියක් ඇති නොවන බව කතානායකවරයාගේ මතය වන්නේ නම් එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහුට ඉඩකඩ ඇති බවද එම නියෝගවල සඳහන්වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් පහ කිරීමේ යෝජනාව සම්මත කිරීමට පෙර පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමේ යෝජනාව ලබන 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කරනු ලැබ ඇත.
ස්ථාවර නියෝග අනුව කමිටුව පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද 113කින් සම්මත කළ යුතුව ඇත.
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විවාදයට කලින් දේශබන්දු ගෙදර යයි ?
බකල ජයා Monday, 31 March 2025 01:46 PM
වැදගත් පොලිසියක් හදන්න පටන් ගන්න හොරා පොලිස් උන්ට පාචනය හැදෙන සුළු දඬුවමක් දීම මම යෝජනා කර ස්ථිර කරමි.
ගුණරත්න Monday, 31 March 2025 03:47 PM
රටේ තියෙන ලොකුම ප්‍රස්නය දේසබන්දු!
Perera Tuesday, 01 April 2025 05:17 AM
අධිකරණයෙන් වරදකරුවෙකු ලෙස තීන්දු ලැබුණු පුද්ගලයෙකු වන දේශබන්දු පොලිස්පති තනතුරට පත් කිරීම සුදුසු නොවීම මත පාර්ලිමේන්තු යෝජනාවක් මත ඔහුව නෙරපීමට හැකියාවක් තිබේ