IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


විල් ස්මිත්ගෙන් ක්‍රිස් රොක්ට අතුල් පහරක්

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල, ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණු අතර, සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනූ විල් ස්මිත්, වේදිකාවට ගොඩවී, සම්මාන උළෙලේ නිවේදන කටයුතු කරන්න වූ ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට අතුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් විය.

විල් ස්මිත් සම්මාන උළෙල සඳහා පැමිණ සිටියේ බිරිඳ මෙන්ම ජනප්‍රිය හොලිවුඩ් නිළියක ද වන ජේඩා පින්කෙට් සමගය. ජේඩා හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර, ඇය හිස බූ ගා සිටියාය. වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට එය විහිළුවක් විය. ඔහු තොරතෝංචියක් නැතිව, ජේඩා විහිළුවට ගත් අතර එය විල් ස්මිත්ගේ කෝපයට බදුන් විය.

තවත් බලා සිටිය නොහැකි වුණු විල් ස්මිත්, වේදිකා​වට ගොඩ වී, ක්‍රිස් රොක්​ අසලට ගොස් ක්‍රිස් රොක් ට අතුල් පහර එල්ල කරයි. එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණි.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙයි. ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දීය. තමන් ‘​ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් ප්‍රසිද්ධියට පත් තර තිබේ.

එම සිදුවීමෙන් පසු විල් සිමිත් හැගීම්බරව කඳුළු සලන්න වූ බවත්, ප්‍රවීණ මෙන්ම සම්මානීය නළු ඩෙන්සල් වොෂින්ටන් සහ ටයිලර් පෙරී වේදිකාවේ මුල්ලකට වී, විල් සිමිත් සැනසූ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

විල් සිමිත් හොඳම නළුවාට හිමි සම්මානය දිනුවේ ‘කිංග් රිචඩ්’ චිත්‍රපටය වෙනුවෙනි. ‘කිංග් රිචඩ්’ චිත්‍රපටයට පාදක වන්නේ ජනප්‍රිය ටෙනිස් ශූරියන් වන වීනස් සහ සෙලීනාගේ පවුලේ කතාවය. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ වීනස් සහ සෙලීනාගේ පියා රිචඩ් විලියම්ස් වටාය.

මෙවර සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ජෙසිකා චැස්ටින්ය. ඒ, ‘අයිස් ඔෆ් ටැමී ෆේ’ චිත්‍රපටය වෙනුවෙනි.  

සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ‘කෝඩා’ ය. ‘කෝඩා’ චිත්‍රපටයට බිහිරි පවුලක් වටා ගෙතෙයි. හොඳම සහාය නළුවා ලෙස ‘කෝඩා’ චිත්‍රප​ටයේ ටෝරි කොස්ටර්, සම්මානයට පාත්‍ර විය. ටෝරි කොස්ටර්, සැබැවින්ම ශ්‍රවණාබාධිත නළුවෙකි.

සම්මාන රැසක් සඳහා නිර්දේශ වී තිබූ චිත්‍රපයක් ලෙස ‘පවර් ඔෆ් ද ඩෝග්’ සමලිංගික කතාවක් ඇතුළත් ගොපලු චිත්‍රපටය හැඳින්විය හැකිය. මෙවර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ජේන් චැම්පියොන්ය.

හොඳම සහාය නිළිය ලෙස සම්මානය දිනුවේ ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ සංගීතමය චිත්‍රපටයක වන ‘වෙස්ට් සයිඩ් ස්ටෝරි’ චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු අරියානා දේ බෝස් ය.

ඩිස්නි ‘එන්කැන්ටෝ’ චිත්‍රපටය හොඳම සජීවීකරණ චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.

හොඳම විදෙස් චිත්‍රපටය වූයේ ‘ඩ්‍රයිව් මයි කාර්’ නමැති ජපන් චිත්‍රපටයයි.

මෙවර සම්මාන උළෙල මෙහෙයවීම කළේ රෙජීනා හෝල්, ඒමි ෂූමර් සහ වොන්ඩා සයික්ස් නිළියන් තිදෙනාය. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ, නිළියන් තිදෙනකු සම්මාන උළෙල මෙහෙයවීම කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (2)

විල් ස්මිත්ගෙන් ක්‍රිස් රොක්ට අතුල් පහරක්

මහජනතාව Monday, 28 March 2022 02:07 PM

ලවුඩ්ස්පීකර් උදේ, හවස මහ හයියෙන් දමා අහල පහළ ගෙවල්වල මිනිස්සුන්ට හිරිහැර කරන අයටත් කරන්න ඕනෑ මෙහෙම කණ පැලෙන්න ගහන එකයි..

:       0       9

Prabha Monday, 28 March 2022 02:59 PM

හොඳ වැඩේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site