IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වැලි බලපත්‍ර ලබාදීමේදී සිදුවන ගැටළු නිසා ජාවාරම්කරුවන් වැඩිවෙලා

(සිරංගිකා ලොකුකරවිට)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කරන වැලි ප්‍රවාහන බලපත්‍රයේ සෘජු මාර්ග අතහැර වෙනත් මාර්ග ලබාදීම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන්ට හොර රහසේ වැලි ප්‍රවාහනය කිරීමට ඉඩලැබී ඇතැයි ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන ගලප්පත්ති මහතා පවසයි.


ගිං ගඟ ආශ්‍රිතව නෙළුව හා තවලම ප්‍රදේශයන්හි අනවසර වැලි ගොඩදැමීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා වූ අවස්ථාවේ ඔහු එසේ පවසා සිටියේ ය.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය පොළිස්පතිවරයා මෙසේ ද පැවසීය

" ගිං ගඟේ අනවසර වැලි ගොඩ දැමීම නවත්වන්න අපි විශාල පරිශ්‍රමයක් දරනවා. දැන් එය තරමක් දුරට අඩුවෙලා තියෙනවා. මෙය නවත්වන්න බැරිවෙලා තියෙන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මගින් නිකුත් කරන අමුතු ගමන් මාර්ගයක් සහිත බලපත්‍රයක් හේතුවෙන්. 

 

එම කාර්යාංශයේ කළුතර දකුණ කාර්යාලය මගින් නිකුත් කරන ලද වැලි ප්‍රවාහන බලපත්‍රයක් මා සතුව තිබෙනවා. මෙය නිකුත් කර ඇත්තේ කළු ගඟේ වැලි මතුගම සිට හබරාදුවට ප්‍රවාහනය කිරීම සඳහායි. 

 

මෙහි ගමන් මාර්ගය සඳහන් වන්නේ මතුගම සිට නෙළුව, නාගොඩ,  බද්දේගම, උඩුගම, යක්කලමුල්ල හරහා හබරාදුව යනුවෙන්. මේක අමුතුම ගමන් ක්‍රමයක්. මේ වැලි ලොරිය යන්නේ අපේ මේ ප්‍රශ්නගත ගඟ හරහා.

 

රාජ්‍ය ආයතන මේ වගේ ගමන් මාර්ග දෙනවිට අනවසරයෙන් වැලිගොඩදාන වැලි ලොරියට  නීත්‍යනුකූල බලපත්‍රයක් ලැබෙනවා. මතුගම ඉඳන් හබරාදුවට එන්න නෙළුව හරහා ගමන් මාර්ගයක් දෙන්නේ ඇයි?"


මෙහිදී අදහස් දක්වමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කර සිටියේ මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන කාර්යාලය දැනුම්වත් කර ඇති බවයි.

මෙවැනි හෙළිදරව් කිරීමක් මීට පෙර සැප්තැම්බර් මස පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද සිදුවුණු අතර එහිදී හිනිදුම සහකාර පොලිස් අධිකාරී විපුල සෙනවිරත්න මහතා පවසා සිටියේ ඇඹිලිපිටිය සිට ගාල්ලට වැලි ප්‍රවාහනය කිරීම සඳහා අම්බලන්තොට, නෙළුව හරහා ගාල්ල නගරයට ලෙස ගමන් මාර්ගය සඳහන් බලපත්‍ර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කර ඇති බවයි.


මෙවැනි හෙළිදරව් කිරීමක් මීට පෙර සැප්තැම්බර් මස පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද සිදුවුණු අතර එහිදී හිනිදුම සහකාර පොලිස් අධිකාරී විපුල සෙනවිරත්න මහතා පවසා සිටියේ ඇඹිලිපිටිය සිට ගාල්ලට වැලි ප්‍රවාහනය කිරීම සඳහා අම්බලන්තොට, නෙළුව හරහා ගාල්ල නගරයට ලෙස ගමන් මාර්ගය සඳහන් බලපත්‍ර භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාලයෙන් නිකුත් කර ඇති බවයි. 
 
එහිදී මේ සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස භූ විද්‍යා හා පතල් කාර්යාංශයට නියෝග කෙරිණි. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22)ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය.



අදහස් (0)

වැලි බලපත්‍ර ලබාදීමේදී සිදුවන ගැටළු නිසා ජාවාරම්කරුවන් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31865 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site