IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වල් අලි ප්‍රහාරයකින් එජාප සංවිධායක මරුට

(අමදෝරැ අමරජීව)

එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සම සංවිධායක ආර්.එම්. සාලිය රත්නායක මහතාට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය කියයි.

තම ගෙවත්ත අසලට පැමිණි අලියා අසල්වැසියකු සමග එළවද්දී මගට ගොස් ආපසු හැරී පිටුපසින් පැමිණි අලියා මෙම පහරදීම සිදුකළ බව මියගිය අය සමග අලි එළවීමට ගිය අසල්වැසියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

බරපතල තුවාල ලැබූ සාලිය රත්නායක මහතා මහදිවුල් වැව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දී ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබුණි.

 



අදහස් (6)

වල් අලි ප්‍රහාරයකින් එජාප සංවිධායක මරුට

Buddika Thursday, 20 February 2025 05:17 PM

එජාපෙට දැන් ඉන්න මෝඩ අලි ටික කරපු විනාසය දැකල නියම අලි කුලප්පුවෙලා. මොනව උනත් මිනිස් ජීවිතයක් අපරාදේ.

:       10       11

පැරකුම් Friday, 21 February 2025 09:00 AM

මේ සා විශාල අලි ගහණයක් අපට මොකටද? පවත්නා වන ගහණයට සරිලන පරිදි වන අලි ගහණය පාලනය කිරීම බුද්ධිමත් මිනිසාගේ පරම වග කීමයි. එදාට මේ කියන අලි- මිනිස් ගැටුම නිම වනු ඇත. ප්‍රමුඛත්වය දිය යුත්තේ මිනිසාට මිස අලියාට නොවේ. කෙසේ වෙතත් අලි වැටෙන් කොමිස් ගහන නිලධිරීන් ඊට කැමති නැත. මහවැලියේ මහවන මැද පොල් වගා කිරීමට අපට හැකි වූවේ අලි කාණුවේ පිහිටෙන් බව කිව යුතුය. මාදුරුඔය පැමිණි විටක අදටත් අති සාර්ත්ථක ලෙස පවතින අපගේ පොල් වගාව නැරඹීමට එන ලෙස ආරාධනා කරමු.

:       4       3

Jayasekara Friday, 21 February 2025 09:31 AM

කවුද හිතුවේ පක්ෂ ලාංජනේම ඉන්න සතා ජිවිතේ නැති කරයි කියලා? මේවා හොඳ පාඩම්

:       1       2

වික්‍රම විදුර Friday, 21 February 2025 11:19 AM

අලින්ටත් එපා වෙලා ඇති.

:       1       2

Bunny Preena Friday, 21 February 2025 11:34 AM

තමන්ගේම පාක්ෂිකයෙක් තමාව එලවනකොට දුකට ගහපු පහරක් සැරට වැදිලා වගේයි...

:       2       1

වල් අලියා Friday, 21 February 2025 12:38 PM

ජනගහනයට සරිලන පරිදි පැරකුම් වැනි ගව ගහනය පාලනය කලොත් හොඳ නැද්ද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site