IMG-LOGO

වල් අලියා රුසියන් යුවළ ඇපයට ගනී

(සුනිමල් හේවගේ)

රුසියානු සංචාරක යුවළක් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ වල් අලියකුගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් පසු පස එලවා ඔවුන් ගමන් ගත් වාහනය අසල පැය කීපයක් රැකගෙන සිටිද්දී මින්නේරිය පොලිසියන් පැමිණ වල් අලියා එළවා දමා මෝටර් රථය බේරා දුන් පුවතක් මින්නේරිය පොලිසියෙන් වාර්තා වේ.

රුසියානු සංචාරක යුවළ සිය මාස 10ක් වයසැති බිළිඳා සහ අට හැවිරිදි දරුවාද සමග පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ගමන්කරන අතරවාරයේ හබරණ ඝන වනාන්තරය මධ්‍යයේ දී වල් අලියකු දැක ඡායාරූප ගැනීමට රථයෙන් බැස ඇත.

එසේ ඡායාරූප ගත කරද්දී වල් අලියා ඔවුන් දෙසට පැමිණ ඇති අතර ඔවුන් මහපාරේ මින්නේරිය දෙසට දිවගොස් දිවි බේරාගෙන ඇත. පසුව මෝටර් රථය අසලට පැමිණි වල් අලියා එය තල්ලු කර ඒ අසලම ගැවසෙමින් සිට ඇත.

සිද්ධිය පිළිබඳ මින්නේරිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මින්නේරිය පොලිසියේ නිලධාරීන් හා වනජීවී නිලධාරීන් පැමිණ අලියා එලවා මෝටර් රථය බේරා ගෙන ඇත. කාර් රථයේ පසුපස දොරේ වීදුරුව හා පැති කන්නාඩිය කැඩී ඇත.

 



අදහස් (3)

වල් අලියා රුසියන් යුවළ ඇපයට ගනී

Somapala Monday, 27 February 2023 10:19 PM

මහා නෝටි අලියෙක්...

:       0       0

Bunny Preena Tuesday, 28 February 2023 09:19 AM

අපේ සංචාරක ස්චෙත්‍රයෙන් සන්චාරකයින්ව ලංකාවෙ වන ජීවින් සම්බන්ධධව දැම්වත් කිරීම මදියි කියලයි මට හිතෙන්නෙ. ගුවන් තොටුපලේදි තමයි ඉස් ඉස්සෙල්ලම ඔවුන්ව දැනුවත් කරන්ට ඔනෙ. ඒක මහ ලොකු කාරියක් නෙමෙයි.

:       0       3

PODDA Tuesday, 28 February 2023 01:53 PM

තනි අලියෙක් රටේ සමස්ත ජනතාවම IMF ඉදිරියේ අපායට තබයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site