IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැල්ලම්පිටිය කාන්තාවක් ඝාතනයට 2ක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලම්පිටිය ලන්සිය වත්ත  ප්‍රදේශයේ   නිවෙස්  හිමි කාන්තාවගේ  මුහුණ සහ නහය වැසෙන සේ කොට්ටයකින්   හුස්ම සිරකර ඝාතනය කර රුපියල්  ලක්ෂ 50 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් රැගෙන පළාගිය මෙහෙකාරිය සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි පස් මස් ගැබිනියක් බවත් සැකකරු සැකකාරියගේ මස්සිනා වන අතර ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවයක් තිබූ බවත් පොලිසිය සඳහන් කරයි  

ඉකුත් 15 වැනි දින ඝාතනයට ලක්වූ 60 හැවිරිදි මොහොමඩ් ජෙකිර් පාතිමා නසීර්  මීට මාස 6කට පමණ ඉහතදී  ලන්සිය වත්ත  ප්‍රදේශයේ තෙමහල් නිවසක පහත මහල කුලීපදනම මත ලබාගෙන  කුඩා මුණුපුරන් දෙදෙනකු සමග පදිංචියට පැමිණ ඇති අතර  කලකට ඉහත දී මෙහෙකාර සේවයේ නිරත වූ සැකකාරිය ඝාතන සිද්ධියට සති දෙකකට පමණ  ඉහත දී නැවතත් එම නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

සැකකරුවන් මට්ටක්කුලිය සමිත් පුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර වෙනම ගෙයක් කුලියට අරගෙන ජීවත් වීමට සැකකරු කළ යෝජනාවට සැකකාරිය මුලින් අකමැති වී  පසුව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබූ බවත්  ඊට මුදල් අවශ්‍ය බැවින් අනියම් සැමියා කළ යෝජනාවක් අනුව මෙහෙකාර සේවයේ නිරත නිවසේ කාන්තාව බිය කර මුදල්  ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වී ඇත

ඒ අනුව ඉකුත්  15 වැනි දින  සිය අනියම් සැමියා වන මස්සිනා ව රාත්‍රී 11 කට පමණ නිවස තුළට කැඳවා ගත් සැකකාරිය  ඔහු සමග එක්ව   නිදා සිටි කාන්තාව හැද සිටි මුන්දානියෙන් (සෝල්) කට ගැට ගසා ඇති අතර ,එම අවස්ථාවේදී  කාන්තාව සැකකරුගේ අත සපා කා තිබූ බවත් ඒ  සමගම කාන්තාව කෑ ගැසීම නිසා සැකකරු අසල තිබූ කොට්ටයක්ගෙන නහය සහ කට වැසෙන සේ තද කර කාන්තාව ඝාතනය කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

පසුව සැකකරු හා සැකකාරිය අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, වළලු හයක්, මුදු හතක්, විදේශ රටවලට අයත් කාසි ,රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මෙරට මුදල් ,එම කාන්තාවගේ ඇඳුම් සහ කාන්තාවගේ දියණිය ඇඳුම්ද රැගෙන අලුයම  එකට පමණ එම නිවසින් පිටවී මට්ටක්කුලිය සමිත් පුර නිවසේ මද වේලාවක් රැදී සිට එයින් පිටවී මොණරාගල නිවාඩු නිකේතනයක එදින ගත කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කාන්තාව සතුව තිබූ අත් බෑගයේ එක මුදුවක් හැරෙන්නට වැල්ලම්පිටියෙන් නිවෙස් හිමිකාරිය ඝාතනය කර කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල් තිබී පොලිස් භාරයට ගෙන ඇත

රන් මුදුව අකුරණ ප්‍රදේශයේ වෙළඳසැලකට උකස්කර මුදල් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි

එකි දින හතර තුළ  සැකකරු හා සැකකාරිය මාතර නුවර අම්බලන්තොට ආදී ප්‍රදේශවල සැරිසරමින් නිවාඩු නිකේතනවල ගත කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 28 කි. සැකකරු හා සැකකාරිය අලුත්කඩේ අංක දෙක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රශාන්ත ජයකොඩි මහත්වරුන්ගේ උපදෙස් මත බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, ජේෂ්ඨ පොලිස් අධිකාරිය රොහාන්  පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චන්දන ගමගේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන (40248) ප්‍රසන්න (21284) බණ්ඩාර (69598) අනිල් ,පොලිස් කොස්තාපල්වරුන් වන (72338)  ලලන්ත (81600) සමීර කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන (10648) කෞශල්‍ය (11297) ලක්ෂාණි මහත්ම  මහත්මීහු පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

වැල්ලම්පිටිය කාන්තාවක් ඝාතනයට 2ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site