IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැලිමඩ ලංගම රියදුරාගේ ඝාතනය සම්බන්ධයෙන් උද්ඝෝෂණයක්

(පාලිත ආරියවංශ) 


ලංගම කැප්පෙටිපොල ඩිපෝවේ බස් සේවකයන් සිවුදෙනෙකු පෞද්ගලික බස් රියක රියදුරකුට පහරදීමෙන් පසු මිය ගිය සිද්ධිය මූලික කරගනිමින් වැලිමඩ පෞද්ලික බස්රථ සේවකයන්  බස් ධාවනයෙන් ඉවත් වී උද්ඝෝෂණයක නියැලී සිටිති.


මේ හේතුවෙන් වැලිමඩ නගරයේ  උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.


ලංගම බස්රථවල බස් නැවතුම් පොළට ඇතුළුවිමටඉඩ නෙදෙමින් උද්ඝෝෂකයෝ  ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරෙන අයුරු දැකිය හැකිය.


තත්වය පාලනය කිරිම සදහා පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර  වැලිමඩට අමතරව තවත් පොලිස් ස්ථාන කීපයක පොලිස් නිලධාරින් යොදවා ඇති බවත් බදුල්ල දිස්ත්‍රික් පොලිස් අධිකාරි ජගත් පිළිහක්කාර මහතා  සඳහන් කළේය.


ඊයේ  1.45 ට පමණ ඇතිවූ  ගැටුමකින් පෞද්ගලික  බස්රථයේ හිමිකරුවා මරණයට පත්වූ බව වැලිමඩ පොලිසිය  පවසයි .


මෙසේ මරණයට පත්ව ඇත්තේ උඩවැල්ලේ ගාමිණි වසන්ත කුමාර (49) නමැත්තෙකි  . 


 වැලිමඩ ගුරුතලාවේ පදිංචි කරුවෙක් වන ඔහු තම බස් රියෙහි  රියදුරා ලෙස කටයුතු කර ඇති බව  විමර්ශන වලදි අනාවරණය වී තිබේ .
බස්රථ ගමන් වේලාවන් පිළිබදව ඇතිවු බහින් බස් වීමකින් පසු ලංගම බස්රථයේ රියදුරා සහ කොන්දොස්තර වරයා මෙම  පහරදීම සිදුකර ඇති අතර  වැලිමඩ -දික්කාපිටිය මාර්ගයේ ධාවන වන ලංගම  බස්රථයේ රියදුරා සහ කොන්දොස්තර වරයාද  මෙම පහරදීමට සම්බන්ධ වී  ඇතැයි විමර්ශන වලදී අනාවරණය වු බව පොලිසිය සදහන් කරයි .


ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන සැකකරුවන් දෙදෙනා රෝහල් ගතව සිටියදී අත්අඩංගුවට ගෙන පොලිස් රැකවරණය මැද දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය සදහන් කළේය 



අදහස් (0)

වැලිමඩ ලංගම රියදුරාගේ ඝාතනය සම්බන්ධයෙන් උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site