(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිඳී යාම හේතුවෙන් ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය දැමීම මේ වන විට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා අද (26) දින පැවසීය.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසා සිටියේ මේ වන විට උද්‍යානයේ ඇති විල්ලු 42 ක් අතරින් 30 කට වැඩි ප්‍රමාණයක් සම්පුර්ණයෙන් සිඳී යාම හේතුවෙන් වන සතුන්ට ආහාර සහ ජලය සොයා සැතපුම් ගණනක් ගමන් කිරීමට සිදුව ඇති බවයි.
මේ හේතුව නිසා ලීටර් දස දහසකට වඩා ජල ධාරිතාවක් දැමීමට හැකි වන අයුරින් උද්‍යානයේ සකසා ඇති කොන්ක්‍රිට් පොකුණු වෙත වනජීවී නිලධාරීන් විසින් දින කිපයකට වරක් බවුසර් යොදා ගනිමින් ජලය දැමීම සිදුකරනු ලබයි.
එම පොකුණු වෙත ජලය බීමට කුඩා කුරුල්ලන්ගේ සිට වලහා, මුවා, ගෝනා, දිවියා සහ අලියා ඇතුළු අනිකුත් වන සතුන් දිය පානය කිරීමට පුරුදුව ඇති බවද වන ජීවී නිලධාරීහු පවසති.
උද්‍යානයේ ඇති මෙම කොන්ක්‍රිට් පොකුණු වෙත කළාඔයේ සිට කිලෝ මීටර් 30 ක පමණ දුරක් බවුසර් මගින් රැගෙන එනු ලබයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විල්පත්තුවේ සිමෙන්ති පොකුණු ජලයෙන් පුරවයි
sirimal Friday, 26 July 2019 05:51 PM
ඉතාම කාලෝචිත පියවරක්. සෑම ඉඩෝර කාලයකදීම හැම වනෝද්‍යානයකම මෙය ක්‍රියාත්මක කළයුතුයි.
gamarala Saturday, 27 July 2019 01:48 AM
මේ කියන දේට සමහරු කියයි මෝඩ කතාවක් කියලා. මේ නියඟය කියන එක දැන් දැන් අපිට නිතර බලපාන එකක් නිසා අපිට බැරිද කාගේ හෝ උදව් අැතිව නල මගින් ජලය සැපයීමට විදිහක් හදා ගන්න...?
RaveendraSaturday, 27 July 2019 04:04 AM
gamarala මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. නමුත් එය ප්‍රායෝගිකද යන්න පිළිබඳව "ගැටළු මතු නොවන්නේද" ?
pakeerSaturday, 27 July 2019 04:13 AM
ඔබ හරි. දැන් තාක්ෂණය දියුණුයි. එ්ක කළ හැකි දෙයක්. ඒ විතරක් නෙමෙයි, ජාල මට්ටමින් වුවත් පරීක්ෂා වෙන්න උපකරණ හයි කරලා කිසි ප්‍රශ්නයක් නැතුව මේක කරන්න පුළුවන් වනජීවී කාර්යාලයේ ඉඳලම... මේවට වියදම් කළාට පාඩු නැහැ. බලන්න එන මිනිසුන්ගෙන් අය කරගන්න පුළුවන් ඒ ගැන... අනික මේ ආයෝජන මිල කරන්න බැහැ.
Raveendra Saturday, 27 July 2019 02:28 AM
මහත් පින් ලැබෙන සත් ක්‍රියාවකි. තම රාජකාරිය කරමින් පින් රැස්කරගන්නා ඔබලාගේ සියලු පතුම් ඉටු වේවා !!! වෛද්‍ය සංගමයේ හාදයන්ටත් අපගේ මෙම අදහස් කියවීමට හැකි වේවා !!
dilan Saturday, 27 July 2019 04:46 AM
දැන් පින් අනුමෝදන් කරලා විතරක් මදි, තියන ගස් ටික කපලා විල්පත්තුවට මේ විනාශය උදා කරපු ගස් වැද්දන්ගෙනුයි, එ්කට අනුබල දීපු ඇමතිතුමා ප්‍රමුඛ රජයේ ඇමැතිවරු සෙට් එකෙනුයි මේ වියදම අයකර ගත යුතුයි.
සංජීව Saturday, 27 July 2019 04:51 AM
අපේ රටට ඩොලර් ගෙනෙන තවත් එක ප්‍රධාන දෙයක් තමයි වනජීවී සම්පත්. ඒවා රැකගැනීම අපේ යුතුකමක්. අපේ මිනිස්සු කැලෑ අල්ලගෙන වගාකරලා සතුන්ගේ වාසස්ථාන නැති කරනවා. එ්ක අපරාධයක්. වගා කරන්නේ නැති බිම් ඕනේතරම්... ඒවා විධිමත්ව භාවිතා කරවන්න ක්‍රියා කළ යුතුයි.
upali Saturday, 27 July 2019 08:25 AM
පළාතේ තියෙන හමුදා කඳවුරෙන් සහාය ලබන්න ලබන්න. ඔවුන් ළඟ ආවශ්‍ය උපකරණ සුලභව ඇත.
SANJEEWA Sunday, 28 July 2019 06:59 AM
ඉතුරු ගස් ටිකත් කපල දැම්මනම් සත්තුන්ට විතරක් නෙවෙයි අපටත් වතුර හොයාගෙන යන්න වෙන දවස වැඩි ඈතක නෑ
Anu Monday, 29 July 2019 06:08 AM
හොඳ වැඩක්