IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


වාලච්චේන කඩදාසි කම්හලේ පළමු ඇණවුම රජයේ මුද්‍රණාලයට

 

වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යව, අබලි යකඩවලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම අද(27) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

ටොන් 20කින් සමන්විත පළමු නිල කඩදාසි ඇණවුම රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය විසින් ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවාය.

මෙම කටයුත්ත නාරාහේන්පිට පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දශක ගණනාවක් තිස්සේ වසා දමා තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල යළි විවෘත කර එමඟින් ශ්‍රීපත් යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි́ පළමු තොගය වෙළඳපොළට නිකුත් කිරීම එවකට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය  යටතේ සිදු කෙරුණේ 2020 අගෝස්තු 02 වැනිදා ය.

ඒ අනුව 2020 අගෝස්තු 02 වැනිදා සිට පෞද්ගලික අංශයෙන් ලැබෙන ඇණවුම් සඳහා සැපයුම් සිදු කළ වාලච්චේන කඩදාසි කම්හල මඟින් රජයේ මුද්‍රණ කටයුතු සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව රජයේ මුද්‍රණාලාධිපතිනිය සමඟ සාකච්ඡා කොට එතුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ රා.සේ.පි ලියුම් හා පාර්සල් කවර නිෂ්පාදනය කෙරෙන ක්‍රාෆ්ට් කඩදාසි,,පොත් පිටකවර නිෂ්පාදනය කෙරෙන වර්ණවත් මැනිලා කඩදාසි හා බි්‍රස්ටල් බෝඞ් නිසි ප්‍රමිතියෙන් නිපදවීමට ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සමත්ව තිබේ.

ඉහත කී ටොන් 20ක කඩදාසි තොගයේ නිල ඇණවුම භාර දෙන අවස්ථාවෙහි එම තොගය සංකේතාත්මක නිරූපණය කරමින් අදාළ කඩදාසි වර්ග තුනෙහි සාම්පල අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිළිගන්වනු ලැබුවේය.

මෙම අවස්ථාවට ජාතික කඩදාසි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ද එක්ව සිටියේය.

 



අදහස් (5)

වාලච්චේන කඩදාසි කම්හලේ පළමු ඇණවුම රජයේ මුද්‍රණාලයට

dayan Tuesday, 27 October 2020 10:40 AM

කවුරු කලත් මේවා අපි අගය කලයුතුයි.

:       2       14

Kamal Koyrala Tuesday, 27 October 2020 10:58 AM

විශිෂ්ට ක්‍රියාවක්. දේශීය කර්මාන්ත ගොඩ නැංවීම. මේ ආකාරයට සියලුම රාජ්‍ය ආයතන සදහා කඩදාසි සැපයීම කර මහා භාණ්ඩාගාරයෙන් එකී රාජ්‍ය ආයතන සදහා වෙන් කරන ලද මුදල් කපා හැරිය යුතුයි.

:       2       14

vipula Tuesday, 27 October 2020 03:47 PM

හොදයි ....!!!

:       3       86

Ranjith Thursday, 29 October 2020 01:31 AM

ඇවිල්ල මාසෙන් කම්හලක් ගොඩ දාල කියලයි පෙන්නන්නේ. අනුන්ගේ වැඩ වලින් ලකුණු දාගෙන. මේවා පිළිගන්න අයත් ඉන්නවා වගේ.

:       12       7

kamal Monday, 02 November 2020 05:20 AM

මොනතරම් විශ්වකර්ම වැඩක්ද? මෙ වගේ කර්මාන්තවලට දක්ෂයෝ චීනෙවත් නැතිව ඇති.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 30 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 172 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 458 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 297 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


රාජ්‍ය වෙසක් මහෝත්සවය ඇරැඹේ
2025 මැයි මස 10 194 0

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 672 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1388 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 355 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site