IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැලිගම ත්‍රිරෝදයක් දුම්රියේ ගැටී අයෙක් මරුට

(තරංග ගුණරත්න)

වැලිගම පොල් වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් අයකු බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි.

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය වැලිගම දුම්රිය ස්ථානයට ආසන්නව ධාවනය වෙමින් තිබියදී  පොල්වත්ත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ

මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු වන අධිකාරිවිලගම, කිරිමැටිමුල්ල, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි (38 ) විතානගේ දම්මික දේශප්‍රිය නමැති අය බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිටුපස ගමන් කළ තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචි ක්‍රිශාන් මධුෂාන් ප්‍රනාන්දු ( 22 ) යන අයගෙ වම් පාදයට බරපතළ තුවාල ලබා සිටියදී සුවසැරිය ගිලන් රථයකින් තුවාල මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

වැලිගම ත්‍රිරෝදයක් දුම්රියේ ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site