IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැලිකන්දේ පාසලක් අලි කඩලා

(නිමල් ජයරත්න )


පොළොන්නරුව වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයට අද(07 ) එල්ල වූ වන අලි ප්‍රහාරයකින් විද්‍යාලයේ දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බව විද්‍යාලයේ ගුරුවරු සඳහන් කරති.
 
වන අලියකු පහරදීමෙන් විද්‍යාලයේ ගොඩනැගිලිවල ජනේලයක්, ගොඩනැගිලිවල බිත්ති කීපයක්, සහ ළමා උද්‍යානයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව විද්‍යාලාධිපති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර නාහිමියෝ සඳහන් කළහ.  
 
තමන් මේ පිළිබඳ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ‍අධ්‍යක්ෂවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම වනජීවී නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණ පරීක්ෂණ සිදුකල බවද මෙත්තලංකාර නාහිමි වැඩිදුරටත් පැවසූහ.

දරුවන්ට අන්නාසි ඇතුළු පලතුරුවලින් ෆුට්සැලට් එකක් සකසන ආකාරය පිළිබඳව පාඩමක් පසුගිය සිකුරාදා පැවැත්වූ බවත්, එහි සුවඳ දැනී මෙම අලියා විද්‍යාලයට පැමිණ දේපළවලට අලාභ හානි සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවද මෙත්තාලංකාර නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
 
 වැලිකන්ද නගරයට ආසන්නව ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ දේපළවලට අලාභ හානි සිදු කිරීමට අමතරව නගරයේ වෙළඳසල් මෙන්ම තවත් ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුකර ඇති බවද නගරවාසීහු පැවසූහ.



 

 



අදහස් (0)

වැලිකන්දේ පාසලක් අලි කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site