IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලිකඩින් පැන්න රැඳවියා පිළියන්දලින් අල්ලයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 රහසිගතව භාවිතා කළ ජංගම දුරකථනයක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයෙන්  පලා ගොස් සිටි රැදවියකු පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

බස්නාහිර පළාත් බුද්ධි ගල්කිස්ස කොට්ඨාසයේ  බුද්ධි තොරතුරු මෙහෙයුම් නිලධාරීන්ට යුක්තියේ මෙහෙයුමට සමගාමීව ලද තොරතුරකට අනුව  රැඳවියා අත්අඩංගුවට ගෙන තිබිණි.

අයිස් මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හා අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට  බොරලැස්ගමුව  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන  ඉකුත් දෙසැම්බර් 12 වැනි දින අත්අඩංගුවට ගෙන නුගේගොඩ ගංගොඩවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  බන්ධනාගාර ගත කර සිටි රැඳවියා  තව දින කීපයකින් නිදහස් වීමට සිටි තැනැත්තකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම රැදවියා ඇතුළු තවත් කීපදෙනකු බන්ධනාගාරයේ ඉදිරිපිට කිසියම් කාර්යයක් සඳහා යොදවා සිටියදී  ඔහු  ජංගම දුරකථනයක් රැගෙන ඉකුත් 19 දින පලා ගොස්  තිබූ බව පොලිසිය කියයි

 

 



අදහස් (0)

වැලිකඩින් පැන්න රැඳවියා පිළියන්දලින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site