(යොහාන් භාසුර)
අධිවේගී මාර්ගවල මුදල් අයකරන සේවකයන් (මුදල් අයකැමියන්) පෙරේදා (22) පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව යෙදවා මුදල් අයකිරීමෙන් රුපියල් දෙකෝටි දසලක්‍ෂයකට (21,044,755) අධික ආදායමක් ලැබුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය අද (23) නිවේදනය කළේය.
ආරක්‍ෂක අංශ සාමාජිකයන් පෙරවරු 9.00 ට පමණ මුදල් අයකිරීම ආරම්භ කර පස්වරු 7.00 දක්වා මෙම ආදායම ලැබූ බවත් ඒ අනුව සේවක වර්ජනය පැවතිය ද ආදායමේ වෙනසක් නොමැති බව එම අධිකාරිය සඳහන් කරයි.
මුදල් අයකැමියන්ගේ සේවයෙන් ඊට පෙර දින එනම් 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි තිස්ලක්‍ෂයකට (23,028,700) අධික ආදායමක් පමණක් ලබා ඇති බවත් පසුගිය බදාදා එනම් මේ මස 15 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට (22,877,500) අධික ආදායමක් පමණක් ලැබූ බවත් එම අධිකාරිය කීය.
මුදල් අයකැමියන්ගේ සේවය යටතේ 21 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි දසලක්‍ෂයකට (21,107,3500) අධික ආදායමක් ද, පසුගිය බදාදා මේ මස 15 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි දසලක්‍ෂයකට (21,030,900) අධික ආදායමක් පමණක් ලැබූ බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියේ දෛනික ආදායමේ සාමාන්‍ය රුපියල් කෝටි දෙකහමාරක් පමණ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වර් ජන මැද අධිවේගියේ ආදායම කෝටි දෙක පනී
Dharmatileke Thursday, 23 November 2023 08:11 PM
දැන් වෙලාව හොඳයි.., අධීවේගී මාර්ගයේ ගාස්තු අඩුකරන්නේ, මෙය සේවාවක් මිස ව්‍යාපාරයක් නොවේ.. එමනිසා සාධාරණ විදිහට හිතන්න.
Bamunuarachchi Friday, 24 November 2023 01:14 PM
සේවාවට තමයි ගාලු පාර තිබෙන්නේ. මේ අධිවේගී මාර්ග් හැදුවේ ලෝකෙට ණය වෙලා. දිනක ආදායම කෝටි දෙකයි ඒත් පාහර ජෙප්පෝ කියන්නේ රටට වැඩක් නැති වියදමක් කියලා. පිනට කාල පුරුදු අය කියන්නේ ගාස්තු අඩුකරන්න කියලා. අදායම ගැන විතරයි හිතන්නේ වියදම් ගැන කථා නැහැ. හමුදාවෙන් කෙරෙන නිසා වැටුප් සඳහා වියදමක් නැහැ. ඒනිසා වර්ජන කාරයින්ට කියමු හැමදාම වර්ජනය කරන්න කියලා. වර්ජන කාලයට වර්ජකයින්ට වැටුප් ගෙව්වොත් තමයි ප්‍රශ්නය.
Lal Thursday, 23 November 2023 11:51 PM
ඕව යටි මඩි ගහගන්න බැරි වෙනවා .. Privatize කලොත් ... එකයි වර්ජනේ ... වර්ජන නම් ජෙප්පෝ .. ජෙප්පෝ නම් වර්ජන
masuran Friday, 24 November 2023 12:42 AM
ඔය වැඩේ ඔහොමම හමුදාව ලවා කරගෙන යන්න. එතකොට වර්ජන කල අයගේ අමාරුව හොඳවේවි. හැබැයි උන්ව ආපසු සේවයට ගන්න එපා . ඒවගේම රජයේ දේපල වලට කල හානි වෙනුවෙන් නඩු පැවරීමද කරන්න .