(ඉන්දිකා රාමනායක)
විවෘත වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා දැදිගම ගුරුදෙනිය ප්‍රදේශයට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරු එල්ල කළ පිහි ප්‍රහාරවලින් පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙම සැකකරු ගුරුදෙණිය ප්‍රදේශයේ වෙල්යායක සිටින බවට ඊයේ (30) සවස පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරුන් දෙදෙනෙකු. සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ , ඔහු පොලිස් නිලධාරීන් සමග පොරබදා, ඔහගේ ඉනේ සඟවාගෙන සිටි පිහියකින් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර ඇත.
පොලිස් නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු (55) බුද්ධි වියේ පසුවන බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වරෙන්තුකරු අල්ලන්න ගිය පී.සීට පිහිපහර