(ඩයනා උදයංගනී)
පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට ඉදිවන, ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු පාලම් කොටස සවිකිරීමේ උත්සවය, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් අද (25) සිදුකෙරිණි.
පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279 ක් මත මෙම අධිවේගී මාර්ගය ඉදිවේ.
කොළඹ නගරයට පිවිසීමේදී පවතින අධික රථවාහන තදබදයට පිළියමක් මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
කුළුණු මතින් දිවෙන මෙම වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කිලෝමීටර 5.3 ක් වන අතර එය මංතීරු 4 කින් යුක්තය.
මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 2,800 ක මුදලක් වැය කෙරෙන අතර මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.
මෙම අධිවේගී ඉඟුරුකඩේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වශයෙන් පිවිසුම් පහකින් සමන්විතය.
මෙම අධිවේගී මාර්ගය ඔස්සේ වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනයට අවස්ථාව ලැබෙන අතර ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී එය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගයට ද සම්බන්ධ වේ.
ඡායාරූප - ගයාන් අමරසේකර




COMMENTS
මහජන මුදලින් හෝ විදේශ ණයවලින් ගොඩනගන මහාමාර්ග හෝ වෙනත් ව්‍යාපෘති විවෘත කිරීමට දේශපාලකයින් ගෙන්වා ගැනීම නවත්වමු...
රෝහිත සහ ජොන්සන් කළොත් සුපිරිම තමයි... ජනපතිගේ වාසනාවට ලැබුණු දෙන්නෙක්...
පාරවල්වල වැඩ දැන් ජොනියට බාරදීලා තියෙන්නේ... යාපාගේ අත යටින් ගනුදෙනුවක්වත් අහුවෙලාද? නැතිනම් හරියට ගණන් බේරුවේ නැතුවද?
මෝඩ ඇමැතිලා දෙන්නා නිකන් හරියට එයාලගේ සල්ලිවලින් කරනවා වගේ ඇවිල්ලා, වීරයින් වගේ හැසිරෙන්නේ. ඒ අය දන්නේ නෑ... චීනෙන් මේ ගන්න ණය කන්දරාව නිසා දවසින් දවස අපි ඒ අයගේ නිල නොලත් ප්‍රාන්තයක් බවට පත් වී ගෙන යනවා කියලා. ඔය ණය ගන්න අත්සන් ගහන ඇමතිලගේ, නිලධාරීන්ගේ එක ළමයෙක් නෑ ලංකාවේ. ඔවුන්ව මෙහෙන් පිට කරලා සෑහෙන්න කල්... චීන දඬු අඬුවට අහුවෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ අයත් පනීවි... හම්බ කරන්න පුළුවන් උපරිමයම හොයාගෙන...
ඒ සල්ලිත් චිනයට. "චීන සිවිල් ඉංජිනේරු"
මේ වගේම පහුගිය ආණ්ඩුවේ අයත් 2019 මේ පාරම නේද විවෘත කළේ? එහෙම නැතිනම් මේ විවෘත කරන්නේ සුබ මොහොතින් කොන්ක්‍රීට් කෑලි අසුරන මංගල්ලේද?
මෙතන ඉන්න කට්ටිය දැක්කම අපේ උන්නැහේලගේ මොළේ නැතිබව හොඳටම තේරෙනවා. මොළේ තියෙන චීන්නු හෙල්මට් දාගෙන .
පාරට කොන්ක්‍රීට් දාන්නත් මේ මිනිස්සුන්ට උත්සව ඕන.
ලංකාවේ ඉංජිනේරුවන් පසුගිය 45 වසරේම මේවා එක අඟලක්වත් නිර්මාණය කලේ යෝජනා කලේ නැහැ, වැඩ කරන්න නිර්මාණ කරන්න මේ රටේ ඉඩ නැතුවද කම්මැලි කමද.?
කකුලෙන් අදින්න එපා අපි ඉන්න රටේ මෙඅ ආරම්භ කලේ 20 වසරකට පෙර.
ණයකාරයෝ ණය ඉල්ලාගෙන එනකොට දැන් අධිවේගයෙන් මාරුවෙලා යත හැකිය.
රටට සංවර්ධනය අවශ්‍යයි .ඒත් මේ වෙලාවේ ඒකට වඩා දේවල් තියනවා කරන්න .බඩු මිල අහස උසට .ඒවා පාලනය කරන් නැතුව මොන සංවර්ධනයද
දැන් අරක්කු මලයයි මාල මලයයි කයිවාරු කෙලියි හරියට තමුන්ගෙ සල්ලිවලින් මේව කරපු විදියට.
දැන් ජොනියයි ,මාල රොහිතයි පම්පොරි ගහයි උන්ගෙ අම්මගෙ අප්පගෙ සල්ලිවලින් මේ වැඩ කරපු විදියට . මේක ගිය ආන්ඩුව කාලෙ පටන් ගත්තෙ. මතක තියාගන්න අපි ඕගොල්ලො ඔතනට ඇරල , තඩි පඩි, මාලිගා වගේ වාහන, බංගලා, දීල ඔහේලගෙ , ලයිට්, වතුර, දුරකථන , බිල් ගෙවන්නෙ ඔය වැඩකරන්න. නිකන් පම්පොරි කෙලින්න එපා හලෝ අපිට. මේව ඉවර වුනාම කියනව ජනතා අයිතියට දුන්න කියල. මෙි අපේ සල්ලිවලින් කරපු වැඩ ඒව ජනතාවට අයිති නැත්නම් බහිරවයට ද අයිති. වැඩ ඔක්කොම ඉවර වුනාම හොර රැලේ නම් ටික ගහයි වැඩෙන් ඇතිවෙන්න කොමිසුත් ගහල.
වරාය නගරය අධිවේගයට යා කරන්නේ මේ රටේ මිනිසුන්ගේ දියුණුවටද නැත්නම් චීන හාම්පුතාගේ සුව පහසුවටද.?
හොඳ වැඩක්. රට දියුණු කරනවට අපි කැමතියි.
සමහර අය මර්සිඩීස් බෙන්ස් බදු දී මිල දී ගත්තත්, සමහර අය ජීවත් වන්නේ නිවසේ වැසිකිළියක් නොමැතිව ...
ඇත්තටම සතුටුයි. රටම සම්බන්ධයි. අපේ තරුණ ඉන්ජිනේරුවන්ටත් හොඳ අධ්‍යයනයක්, චීන අධි තාක්ෂණික ඥානය අප සමග බෙදාගැනීමෙන්... (සමහර බයියන් හිතන් ඉන්නේ අපි ඔක්කොම දන්න, භාණ්ඩාගාරයේ මුදල් තුට්ටු දෙක මෙවැනි ව්‍යාපෘතිවලට දාලා, ණය ගන්නේ නැතිව මෙවැනි දේවල් කරන්න ඕනේ කියලා. ණය ආයෝජනයකින් රටට කොටසකුත් ආයෝජකයාට කොටසකුත් යන ක්‍රමවේදයකට මෙවන් දේ නොකරන්නේ නම් ආයෝජකයෙක් ඉදිරිපත් වන්නේ කොහේ අමාරුවටද? සාදා නිමාකරපු අධිවෙගී මගෙන් එන ආදායමෙන්, RDA යම් දුරකට ලාභ ලබන ආයතනයක් වුණා. නැත්තන් ඒ දවස්වල පාරේ මැද තියෙන වළවල්වලට කෝටු ගහලා කාලයක් තිබ්බා, හදන්න මුදල් නැතුව.... දැන් හැම ගමක දනව්වක්ම ක්‍රමානුකූලව හොඳ තත්ත්වයන් අතරට යනවා. මේ වැඩ පිළිවෙලවල් ඊළඟ ආණ්ඩුව ආපුවාම නවත්වයිද කියන එකයි ප්‍රශ්නේ... මොකද මේ දැවැන්ත ව්‍යාපෘතියට තියෙන නොදකින ඩීල් ක්‍රියා පද්ධතියට ගිජුව සමහර දේශපාලන ගිජුලිහිණියන් ඔවුන්ට මස් කොටසක් ඩැහැගන්න... ඕනෑ ව්‍යාපෘතියක් ඔවුන්ගේ වාසියට නවත්වයි.. එවැන්නන්ගේ ජාන වෙනස් කිරීමට නොහැකි නිසා ජනතාවට කවුරු හෝ කුමක් කළත් අප්‍රසාදය පළකරන්නට පෙළැඹී ඇති සැටි හොඳින් පෙනේ...