IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


වරාය නගරයේ සිට මීගමුවට කුලුණු මත ‘මෙට්‍රෝ’ දුම්රියක්

(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25 ක් සංවර්ධනය කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආයෝජනයෙන් අදහස් විමසීය.

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර් 41ක දුරක් කුළුණු මත ඉදිවෙන මාර්ගයක් ඔස්සේ මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කිරීමට යෝජනා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදල් වැයකිරීමකින් තොරව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම් ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර තිබේ.

ඊට සමගාමීව තෝරාගත් දුම්රිය ස්ථාන 5 ක් දුම්රිය ස්ථාන ආශිත නගර   ලෙස නවීකරණය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන බවත් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ඒ පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු යොමුකර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී  පැවති සාකච්ඡාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජිකයින්, අමාත්‍යංශ නිලධාරීන් සහ ආයෝජන සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (19)

වරාය නගරයේ සිට මීගමුවට කුලුණු මත ‘මෙට්‍රෝ’ දුම්රියක්

බූලා Thursday, 26 January 2023 05:28 PM

නිව්ස් එක කියවන්නත් අප්පිරියයි මේ මූසල මූන දැක්ක්ම. මූ කතාකරන්නෙයි පහරන්නෙයි දෙකම එක තැනින් ද කොහෙද? බොරු කියලම කට කක්කුස්සි කටක් වෙලා...

:       0       6

ජනිත් Thursday, 26 January 2023 05:29 PM

එපා, ඔයත්, දුම්රියත්.

:       2       1

යෝගා Thursday, 26 January 2023 05:55 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න හාල්පාරුවන් ටික ඕකට වැද්ද නොගත්තොත් කෝච්චිය දුවයි..

:       1       52

Dasa P Thursday, 26 January 2023 06:02 PM

කුළුණු උඩින් නොවේ... අහසින් යන්න දෙනවා කිව්වත් මේ අවුරුද්දේ ඔයාලා පාස් වෙනවා වෙනවාමයි.

:       1       3

chandima Thursday, 26 January 2023 06:30 PM

රජයේ මුදල් වැය නොකරනවා කිව්වට මේ ව්‍යාපෘතිය ණයමුදලක්ද? කොටින්ම අපේ ළමයින්ට පස්සේ ගෙවන්න වෙනවද? අපිව බිල්ලට දෙන්න නම් එපා. පින්සිද්ද වෙයි.. බැරි නම් දමලා ගහලා යන්න. නැතිනම් මීගමුවේ ඉඳන් කොළඹ යන කට්ටියට මෙට්‍රෝ දාන්න ගත්තු ණය අනුරාධපුරේ, යාපනයේ, බදුල්ලේ, මඩකලපුවේ, මොනරාගල ඉන්න අපිටත් ගෙවන්න වෙනවා.

:       9       84

Geetha HabaragamageSaturday, 28 January 2023 10:06 AM

මට හිතෙන්නේ හරි තේරුම තමයි වසර පනහකටත් වඩා කාලයක් මේ ව්‍යාපෘතියෙන් ලබන ආදායම කවුරුන් හෝ මෙම මුදල වියදම් කරන රට වසරක් පාසා රැගෙන යනවා...

:       0       1

චන්දන Thursday, 26 January 2023 06:42 PM

කොමිස්, පගා ගැහිල්ලකින් තොරව මේකවත් කරගන්න පුළුවන් වේවිද?

:       2       63

chandima Thursday, 26 January 2023 06:52 PM

මේ ව්‍යාපෘතියෙන් රටට මාර ආදායමක් එයි නේද? අරන් තියෙන බිලියන් 90ක විතර ණය ගෙවලා දාන්න... මිනිස්සු ගහලා එළවන කල් පණ ගැටගහගන්න තවත් අපිව බිල්ලට දෙන්නේ නැතිව ඉන්නවා නම් නේද හොඳ?

:       17       90

සඳුන් Thursday, 26 January 2023 07:47 PM

අර ගුණරුවන් හාදයාගෙන් උපදෙස් අරගෙන මෙට්‍රෝ දුම්රියට බඩු පෙට්ටි දෙකක් විතර අමුණා ගත්තා නම් තවත් මරු...

:       0       44

Kapila Thursday, 26 January 2023 08:27 PM

මේකෙන් කොලඹ නගරයේ මාර්ග තදබදය අඩුවෙන්නේ නෑ. කඩුවෙල - පිටකොටුව JAICA ව්‍යාපෘතිය කොච්චර හොඳද?

:       0       5

Rohana Thursday, 26 January 2023 10:22 PM

බලාගෙන අර ගුනරුවන්ද මොකාද කියන එකා මේකටත් ලෙඩක් අදියි. කොමිස් ගන්නේ නෑ කියල සිතනවා. මොකද ලංකාවෙ කරන ව්‍යාපෘතිවල කොමිස් නොගැනීම ලෝක පුදුමයක් වෙන නිසා.

:       0       4

Perera Friday, 27 January 2023 04:47 AM

කථාව දෝලාවෙන් ගමන පයින්

:       0       2

sene Friday, 27 January 2023 09:34 AM

මේක චීන පරණ යෝජනාවක්, වරාය නගරයට ගුවන් තොටුපොළ සම්බන්ධ කිරීම, ඒක දැන් අලුත් මුහුණුවරකින්..., හරිනේ සුමාන 2ක් පසුයිනේ..., ණයවිම් තවම නවත්වා නැති පාටයිනේ...

:       0       3

jayasekara Friday, 27 January 2023 09:45 AM

එක්කෙනෙක් බංග්ලාදේශයට ගියා.. මෙයා යයි නේපාලයට..., නැතිනම් භූතානයට.

:       0       4

sharm warn Friday, 27 January 2023 11:41 AM

කෝ අර නිහාල් නෙල්සන් සිංදු කියනවා වගේ ඇඟපත නළවලා රඟපාලා මෙට්‍රො කෝච්චියක් නවත්තපු ගොයියා..? පොරව නම් පැත්ත පළාතේ ගේන්න එපා. මුන්දැගේ කොමිස් එක කීයද දන්නේ නැහැ.. වැඩේ ගොඩ දාලා දෙනවට..? නිකන් නම් කරයි මේවා මෙන්න කියලාම...

:       0       2

SB Friday, 27 January 2023 04:38 PM

පිස්සුද අප්පා...? රටේ සල්ලි නෑ, ඒ මදිවට රේල්වේ එකේ ඔවර් ස්ටාෆ්.. ඉන්න අයගේ කාර්යක්ෂමතාව බින්දුවයි. හැමදේටම හරස් වෙන වැඩ නොකරන තැනට වැඩකරන අසාධාරණ අයිතිවාසිකම් පමණක් ඉල්ලන වගකීම්වල අන්ධ වෘත්තීය සමිති. ඇමැතිට මේ වෙලාවේ රටේ අර්තිකය දියුණු කරන්න ඕනෑ දේ මේකද? ඕනෙම නම් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ... ඒකෙන් කොච්චර ඉකනොමික් ඉම්පැක්ට් එකක් තියෙනවද? කියන එක මත ප්‍රයෝරටයිස් කරලා. මේක එහෙම බැලුවොත් තව අවුරුදු ගාණකට කරන්න ඕනෑ එකක් නෙවෙයි. ඇරත් හයිවේ එකකුත් තියෙනවා කටුනායක ඉඳලා. බන්දුල අර්‍ඨික විද්‍යාව කියලා මොනවාද දන්නේ නැහැ ඉගැන්නුවේ... රටට කෙලවෙලා පිස්සු පීකුදු වෙල හක්ක දොට්ට පැනලා වලපල්ලටම ගියත් මේ අය ගසාකන්න දත නියවන එක ඉවර කරන්නේ නෑ...

:       0       1

A P S Mullakanda Friday, 27 January 2023 10:13 PM

ගොඩක් වැදගත් ව්‍යාපෘතියක්...

:       0       0

Athula Saturday, 28 January 2023 01:06 AM

අවුරුදු 75ක් ම මේ අය ඔහොමනේ කිව්වේ. ඒකවත් හිතාගන්න බැරිද?

:       0       0

Geetha Habaragamage Saturday, 28 January 2023 10:04 AM

මට හිතෙන්නේ හරි තේරුම තමයි වසර පනහකටත් වඩා කාලයක් මේ ව්‍යාපෘතියෙන් ලබන අදායම කවුරුන් හෝ මෙම මුදල වියදම් කරන රට වසරක් පාසා රැගෙන යනවා අපට ඉතිරී වෙන්නේ පට්ට ගහලා ගරාවැටිච්ච යකඩ ටික විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 87 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 853 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 897 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 618 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 760 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 90 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1389 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site